නිරෝධායනය අවසන්.. විනය කමිටුව අද රැස්වේ කුසල් දික්වැල්ල ධනුෂ්ක විනය පරීක්‍ෂණය ලබන සතියේ

280



එංගලන්ත සංචාරය අතරතුර විනය විරෝධීව හැසිරුණු බවට චෝදනා එල්ලව තරගාවලිය අතරතුර දිවයිනට කැඳවූ සීමිත පන්දුවාර කි‍්‍රකට් තරග උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණය ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජෛව ආරක්‍ෂිත බුබුල මධ්‍යයේ කි‍්‍රයාත්මක වූ අදාළ සංචාරය අතරතුර එහි නියමයන් උල්ලංඝනය කිරීම හේතුවෙන් එකී කී‍්‍රඩකයන් තිදෙනාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කළේය.

ඒ අනුව අදාළ විනය පරීක්‍ෂණය සඳහා පංච පුද්ගල කමිටුවක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නම් කරන ලද අතර විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැුකව, නීතිඥ උචිත වික‍්‍රමසිංහ සහ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති.

අදාළ විනය පරීක්‍ෂණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික කරුණු කිහිපයක් සාකච්ඡුා කිරීම සඳහා එම කමිටුවට අයත් සාමාජිකයන් අතර විශේෂ හමුවක් අද (16 දා* උදෑසන පැවැත්වීමට නියමිතය.

විනය පරීක්‍ෂණය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තුළ පැවැත්වෙනු ඇති බවට මුලින් තොරතුරු වාර්තා වුවද එය ස්වාධීන ස්ථානයක එනම් බොහෝ දුරට හෝටලයක පැවැත්වීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.

පසුගිය 29 වැනිදා දිවයිනට කැඳවූ අදාළ කී‍්‍රඩකයන් තිදෙනා මීගමුව තරු තුනේ හෝටලයක නිරෝධායනයට යොමු කළ අතර අදාළ දින 14 ක නිරෝධායන කාලය නිමා වීමෙන් පසු ඔවුහු පසුගිය 13 වැනිදා හෝටලයෙන් නික්ම ගොස් ඇත.

විනය පරීක්‍ෂණය පැවැත්වෙන තෙක් ඔවුන්ට තාවකාලික තරග තහනමක් පනවා ඇති අතර විනය පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල මත ඔවුන්ට ලබා දෙන දඬුවම් තීරණය කිරීමට නියමිත බව කි‍්‍රකට් ආරංචි මාර්ග පවසයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment