නිරෝධායනය කාලය අඩුකරයි

449


කොවිඩ් ආසාදිතයින් සඳහා මෙතෙක් පැවති දින 14 නිරෝධායන කාලය දින 07ක් දක්වා අඩුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.ඒ අනුව පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාධිතයෙක් බවට පත්වූවෙක් නිවසේ හෝ රෝහල් ගතව නිරෝධායනය වී සිටියදී පැය 48ක් තුළ කිසිදු ඖෂධයක් නොගෙන සිට උණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි නම් ඔවුනට පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණය කළ දින සිට දින 07කට පසු සිය නිරෝධායනය අවසන් කළ හැකිය.එසේම එන්නත් තුනම ගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූවකුගේ සමීප ආශ‍්‍රිතයෙක් ආසාධිතයෙක් වුවහොත් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති අය නිරෝධායනයට ලක් නොවී සාමාන්‍ය කටයුතුවල නිරත විය හැකිය.කෙසේවෙතත් යම් රෝග ලක්ෂණ පෙන්වයිනම් වහාම පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු විය යුතුය.එන්නත් දෙකක් ලබා ඇති හෝ එන්නත් ලබා නැති අයකුගේ සමීප ආශ‍්‍රිතයෙක් ආසාදනය වුවහොත් දින 07ක නිරෝධායනයකින් පසු සිදුකරන පීසීආර් පරීක්ෂාවක් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වුවහොත් නිරෝධායනය අවසන් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment