නිරෝධායනය දින හතයි

219

කොවිඞ් 19 වෛරසය ආසාදනය වී නිරෝධායනය වන රෝගීන් සඳහා මෙතෙක් පැවැති දින 14ක නිරෝධායන කාලසීමාව දින 07 දක්වා අඩු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (27 දා) නිකුත් කර ඇත.

ඒ අනුව පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඞ් රෝගීන් බවට වාර්තා වී නිවාසවල හෝ රෝහල්වල නිරෝධායනය වන පුද්ගලයන් කිසිදු ඖෂධයක් ලබා නොගෙන පැය 48 ක කාලයක් සිටියදී කිසිදු උණ රෝග ලක්‍ෂණයක් හෝ කොවිඞ් රෝග ලක්‍ෂණයක් වාර්තා නොවේ නම් ඔවුනට පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂාවක් සිදු කළ දින සිට දින 07 කට පසු නිරෝධායනයෙන් ඉවත් විය හැකිය.

එසේම එන්නත් මාත‍්‍රා තුනම ලබා සිටින පුද්ගලයකුගේ සමීප ආශි‍්‍රතයෙක් කොවිඞ් රෝගියෙක් වුවහොත් එන්නත් මාත‍්‍රා තුනම ගත් පුද්ගලයාට කොවිඞ් රෝග ලක්‍ෂණ මතුනොවේ නම් නිරෝධායනය වීමකින් තොරව සිය රාජකාරි කටයුතුවල නිරත විය හැකිය.

කෙසේ වෙතත් එම පුද්ගලයාට කොවිඞ් රෝග ලක්‍ෂණ මතුවේ නම් වහාම පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂාවකට යොමු විය යුතුය. එක් එන්නතක් හෝ දෙකක් ලබා සිටින පුද්ගලයන්ගේ හෝ එන්නත් ලබා නොගෙන ඇති පුද්ගලයන්ගේ ආශි‍්‍රතයෙක් කොවිඞ් ආසාදිතයෙක් වුවහොත් එවැනි පුද්ගලයන් දින 07 ක නිරෝධායනයට පසු සිදුකරන පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂාවකින් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වුණොත් නිරෝධායනයෙන් නිදහස් කළ හැකිය. කෙසේ වෙතත් ඔවුන් තුළ කොවිඞ් රෝග ලක්‍ෂණ මතුවුවහොත් වහාම පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂාවකට යොමුවිය යුතුය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment