නිරෝධායන ඇඳිරිනීතිය කඩන අය උසාවි දමා කොරෝනා පාලනය කරන්න බැහැ… පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

128

කොවිඞ් පාලන නිරෝධායන ඇඳිරිනීතිය කඩන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පමණක් එය පාලනය කළ නොහැකි යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ඉදිරියේදී කොවිඞ් එන්නත ප‍්‍රතික්‍ෂේප කර සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඩෙල්ටා කොවිඞ් තත්ත්වයේ භයානක බව ජනතාව තේරුම් ගන්න ඕනෑ. මේක වේගයෙන් පැතිරී යනවා. මේක නවත්වන්න පුළුවන් රටේ මහජනතාවට පමණයි. මෙයි ඇති භයානක බව ජනතාව හොඳට දන්නවා. ඒ නිසා අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට කවුරුවත් ගෙවල්වලින් එළියට යන්න එපා. රැකියා සඳහා යන අය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා යන අය ඒ කටයුතුවලට යන්න ඕනේ.

මුඛ ආවරණ නැතිව යන අය, එකට එක්රැස්වෙලා ඉන්න අය අල්ලලා උසාවි දැම්මා කියල කොවිඞ් නතර වෙන්නේ නැහැ. මේකට හැම කෙනෙක්ම ස්වයං විනයක් ඇති කරගන්න ඕනෑ. ඒ වගේම ජනතාව විනයගරුකව හැසිරෙන්න ඕනෑ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment