නිරෝධායන ඇඳිරිනීති දින 7කදී රේගුවට බිලියන 9.34ක ආනයන බදු ආදායමක්

76

නිරෝධායන ඇඳිරිනීතිය පැවැති අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා කාලයේ දී ශ‍්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 9.34ක ආනයන බදු ආදායමක් වාර්තා කර තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන මෙම කාලයේ දී ශ‍්‍රී ලංකා රේගුව සාමාන්‍ය පරිදි සිය සේවා පවත්වාගෙන යන බවත් ඉහත සඳහන් කාලයේ දී ශ‍්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 46.43ක් වටිනා අපනයන අනුමත කර තිබෙන බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය.

මෙරට දැනට පවතින වසංගත තත්ත්වය මගින් ශ‍්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ට සැලකිය යුතු බලපෑමක් කර ඇතත් රටේ ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරමින් රේගු සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යෑමට රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතා ප‍්‍රමුඛ සියලූ රේගු නිලධාරීන් කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment