නිරෝධායන ඇඳිරිය අස්සේ මාස්ක් කියා අයිස් විකුණලා – කතුන් දෙදෙනකු ඇතුළු 15ක් මාබිමදී බඩුත් සමග දැලේ

986

නිරෝධායන ඇදිරි නීතිය අතරතුර බියගම මාබිම රග්ගහවත්ත ප‍්‍රදේශයේ මුව ආවරණ වෙළෙඳ සලකට මුවාවෙමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙකුු පෙරේදා (21) සවස රුපියල් ලක්ෂ පනහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග‍්‍රැම් 200 ක් සමග සපුගස්කන්ද පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන ඇ`දිරිනීති කාලසීමාව තුළ සපුගස්කන්ද පොලිස් වසමේ මාර්ගයේ ගමන් කරන්නන් සහ විවෘත කර තිබෙන වෙළෙඳසල් පිළිබඳ සොයා බැලීම ස`දහා යොදවා තිබු පොලිස් ජංගම රථයක නිලධාරීන්ට මාබිම රග්ගහවත්ත ප‍්‍රදේශයේ විවෘත කර ඇති මුව ආවරණ වෙළෙ`දසලක් ඇස ගැටී ඇති අතර මේ පිළිබඳ ඇතිවු සැකයක් මත පොලිස් නිලධාරියෙකු උපාය දුතයෙකු ලෙස යොදාගනිමින් මේ ස්ථානය පරීක්ෂා කර පසුව දුරකතන ඇමතුමක් මගින් මත්ද්‍රව්‍ය ලබාගැනීම ස`දහා සැකකාර කාන්තාවක් සම්බන්ධ කරගෙන ඇත. උපාය දුතයකු ලෙස වෙස් ගත් පොලිස් නිලධාරියාට සැකකාර කාන්තාව පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය ලබාගැනීමට මාබිම රග්ගහවත්තේ විවෘත කර ඇති මාස් කඩය පිටුපසට මුදල් රැුගෙන පැමිණෙන ලෙසයි. එම ස්ථානයට ගිය නිලධාරියාගෙන් මුදල් රැුගෙන සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය රැුගෙන ඒමට මාස් කඩය පිටුපස ඇති නිවස තුළට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් එම නිවස වටලා එහි තිබු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග‍්‍රෑම් 200 ක් සමග මුදලින් රුපියල් ලක්ෂ හතක මුදලක්, විදුලි තරාදියක් හා ජංගම දුරකතන 02 ක් ඇතුළුව මෙම ජාවාරමට සම්බන්ධ නිවසේ සිටි තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් කාන්තාවන් මෙම ස්ථානයේ නේවාසිකව පදිංචිව සිටින වයස අවුරුදු 30, 35, වයස්වල කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි විවාහක අයවළුන් බව පොලීසිය කියයි.

මෙම නේවාසිකාගාරයේ මීට පෙරද වෙනත් සැකකරුවෙකු සන්තකයේ තිබු හෙරොයින් කිලෝ 110 ක් සොයාගත් බව පවසන පොලීසිය කිසිදු සොයාබැලීමක් නොකර ආරක්ෂා සහිතව මෙවැනි ජාවාරම් කිරීමට නේවාසිකාගාර පහසුකම් සැපයු මෙම නේවාසිකාගාරයේ හිමිකරු වූ වයස අවුරුදු 59 ක පුද්ගලයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ ස්ථානයේ තිබු කුඩා ලොරි රථයක් හා ත‍්‍රිරෝද රථයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන්ට මත්ද්‍රව්‍ය ලැබෙන ජාලය අනාවරණය කර ගැනීම ස`දහා පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරයි. අදාළ සැකකරුවන් මහර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කොළඹ උතුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්, සහකාර පොලිස් අධිකාරි සමන් පුස්වැල්ල යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර, නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ එම්. එච්.එම්. මුබාරක් , සැරයන් (40078 ) චමින්ද, පොලිස් කොස්තාපල්වරුන් වන (67950) රත්නායක, (71453) කුමාර, (16434) පණ්ඩිත, (67646) ගුණසේකර, කාන්තා පොලිස් කොස්තාපල් (10416) ප‍්‍රියදර්ශනී යන නිලධාරීහු මෙම වැටලීමට එක්වුහ.

හේමන්ත රන්දුණු සහ බියගම සුදත් පුබුදු කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment