නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද අත්‍යවශ්‍ය නොවන ගමන් රාත‍්‍රියට බැහැ

192

හෙට සිට නිරෝ්ධායන ඇඳිරි නීතිය ඉවත් කළද අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රාත‍්‍රී 10.00 සිට අලූයම 4.00 දක්වා අවසර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද නිකුත් කළ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ වල සඳහන්වේ. එසේම පළාත් අතර සංචරණ සීමා ක‍්‍රියාත්මකය. ටියුෂන්. ප‍්‍රදර්ශන හා සම්මේලන, සිනමා ශාලා, මහජන රැස්වීම් පැවැත්වීම තහනම්ය. ඇවිදින මංතීරු විවෘතය. දිවා සුරැකුම් මධ්‍යස්ථාන හරි අඩක් යටතේ පවත්වාගෙන යා හැකිය. විවාහා උත්සව හෝ වෙනත් උත්සව පැවැත්විය නොහැකිය. විවාහා ලියාපදිංචිය සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකිය. පොදු ප‍්‍රවාහනය ආසන ධාරිතාවට පමණි. වායු සමනය කර බස් රථ ධාවනය කළ නොහැකිය. ජනෙල් විවෘත කර ධාවනය කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment