නිරෝධායන රු. 10,000 බඩු මල්ල අඩු ආදායම් පවුල්වලට

877

නිරෝධායනයට ලක් කෙරෙන පවුල් සඳහා ලබා දෙනු ලබන රුපියල් 10,000 ක වියළි ආහාර අඩංගු බඩු මල්ල මින් ඉදිරියට අඩු ආදායම් ලබන පවුල් සඳහා පමණක් ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ චක‍්‍රලේඛය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකාය විසින් සියලූම දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා තිබේ.

අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම චක‍්‍රලේඛයට අයත් විධි විධාන කඩිනමින්ම කි‍්‍රයාත්මක කළ යුතු බවට ද දන්වා ඇත.

මෙම තීරණය පසුගිය 23 දා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ගනු ලැබූ තීරණයක් බවද හෙතෙම දන්වා සිටී.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment