නිලධාරින් දිරි ගන්වා ඉලක්ක සපුරා ගැනීම ලේකම්වරුන්ගේ වගකීමයි

97

–  නව ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්ට පත්වීම් ලිපිය පිරිනමමින් ජනපති කියයි

නිලධාරීන් දිරි ගන්වමින් රජයේ ඉදිරි සැලසුම් හා අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරුන් සතු වගකීමක් බැවින් එම දැවැන්ත වගකීම ඉටු කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) පැවසුවේය.

ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ගාමිණි සෙනරත් මහතා වෙත නව ජනාධිපති ලේකම් ලෙස ඊයේ පත්වීම් ලිපිය බාරදීමෙන් පසු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන අනුර දිසානායක මහතා නව අග‍්‍රාමාත්‍ය ලේකම් ලෙස පත්කෙරුණු අතර වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කෙරුණු කේ. ඩබ්. අයිවන් ද සිල්වා මහතාටද අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් ඊයේ පිරිනමන ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ගාමිණි සෙනරත් මහතා සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සිදු විය.

මහා සංඝරත්නය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව ජනාධිපති ලේකම් ලෙස පත් කෙරුණු ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ගාමිණී සෙනරත් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අදාළ පත්වීම් ලිපිය භාරදුන් අයුරු.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment