නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් අක්කරපත්තුවේ කලපු සහ කුඹුරු ජයටම ගොඩ කරනවා

153

අක්කරපත්තු පොලිස් බල ප‍්‍රදේශයට අයත්ව පිහිටා තිබෙන සම්බු උප්පලම් සහ පිල්ලෙයාර් කලපු ජයටම ගොඩ කරමින් පවතිනවා. අදාළ බලධාරීන්ගේ නිහඬ ආශිර්වාදය මැද මෙය සිදුවෙන බවයි අපට තොරතුරු ලැබුණේ.
 
 මේ පිළිබඳ සක්නද සංවිධානයේ සභාපති ගම්පහ නාරද හිමියන් අඬහැරයට මෙලෙස අදහස් දැක්වූහ.

නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් අක්කරපත්තුවේ කලපු සහ කුඹුරු ජයටම ගොඩ කරනවා

මෙම කලපු තුන අට්ටාලචේන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ අක්කරපත්තු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් වෙනවා කියන්නේ කාලෙක සිට මේ කලපු සහ කුඹුරු උපක‍්‍රමශීලීව පුද්ගලයන් විසින් දිගින් දිගටම ගොඩ කරමින් සිටිනවා. මේ වළක්වා ගැනීම සඳහා අක්කරපත්තු පොලිසිය දැඩි උත්සාහයක් ගන්නා බව අපට පෙනෙනවා. මේ වනවිට අක්කරපත්තු පොලිසිය මගින් මෙම ගොඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 150 කට ආසන්න පිරිසක් සහ ටිපර් රථ දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක් ලෝඩර් තිහකට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය අවංක ලෙස මේ කලපු ගොඩකිරීම වැළැක්වීමට උත්සාහයක් ගන්නවා. ඒත් පොලිසියට කලපු සීමා මායිම් වෙන් කරලා පෙන්නලා සලකුණු කරලා දීලා නෑ. පොලිසිය අදාළ බලධාරීන්ට කොච්චර දැනුම් දුන්නද, මේ වන තෙක් කලපු සීමා මායිම් පෙන්වා නොදෙන්නේ කුමන හේතුවක් නිසාද?
 
 ඒ වාගේම කලපු ගොඩ කරන්නට හොර බලපත් දීලා, මේ කලපුවල පාරවල් හදලා විදුලි රැුහැන් ඇදලා, ජල නළ පද්ධති එළලා මේ වෙද්දි ගොඩනැගිලි, නිවාස ආදී විශාල ප‍්‍රමාණයක් සකස් කරලා තියෙනවා. ඒ අතර තට්ටු නිවාසත් තිබෙනවා. පොලිසිය එයි කියලා බයේ මිනිස්සු පස් පුරවන දවස්වලට ඔත්තු බලන්න රුපියල් 1000 – 2000 මුදල් දීලා කුලියට ඔත්තුකාරයෝ දාලා තියෙනවා මඟ දිගට පොලිසිය එනවද කියලා ඔත්තු බලන්න. පොලිසියට කලපු වෙන්කළ සීමාවන් ලකුණු කරලා නැති නිසා මේ වෙද්දි කුඹුරු ගොඩ කරනවා කියලා තමයි අධිකරණයට මේ අය ඉදිරිපත් කරන්නේ. භු විද්‍යාවත් මේවට උදව් කරනවා. ඉස්සර අවසර පත් නිකුත් කිරීමේ දී ප‍්‍රවාහනය කරන්නේ නිශ්චිත තැනකට පමණයි අවසර දුන්නේ. දැන් එහෙම නෑ. ඒ දෙන අවසර පත‍්‍රයෙන් ඕන තැනකට පස් දාලා ගොඩ කිරීම් කරන්න පුළුවන්. වාරිමාර්ග, වෙරළ සංරක්ෂණ,
 
 ගොවිජන සේවා, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී රාජ්‍ය ආයතනවල නිහඬ ආශිර්වාදය මැද හිටු කියලා මේ කලපු ගොඩ කරමින් තිබෙනවා.
 
 මේවා ගොඩ කරන්න ලක්ෂ අටක් දහයක් පමණ වියදම් කරලා පස්සේ ලක්ෂ 70 ට 80 ට විකුණනවා.
 
 මෙය වළක්වා ගන්නට අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා, අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරී ප‍්‍රදීප් කුමාර මහතා සහ අක්කරපත්තුව පොලිසියේ ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන්ටත් කටයුතු කිරීම පිළිබඳව ප‍්‍රණාමය පුදකර සිටිනවා. ඒත් අනෙක් රාජ්‍ය ආයතන ඒ සඳහා නිසි සහාය දෙන්නේ නැති නිසා පොලිසියට කලපු රැුකගැනීම ඉතා අපහසු වෙලා තියෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් නිසි ලෙස කටයුතු නොකිරීම සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට කටයුතු සුදානම් කරමින් සිටිනවා’’ යැයිද නාරද හිමියන් පවසා සිටියා.
 
 පැය භාගයෙන්  කලපු පුරවන්න
 
 ලියකියවිලි හදන රාජ්‍ය ආයතනවල වැඞ්ඩෝ‘ පසුගියදා අක්කරපත්තු පොලිසියේ කොට්ඨාස බුද්ධි අංශයට කලපු ගොඩකිරීමක් පිළිබඳව තොරතුරු ලැබුණා.
 
 අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ප‍්‍රදීිප් කුමාර මහතාගේ උපදෙස් මත අක්කරපත්තු පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් නිලධාරීන් සූදානම් වුණා.
 
 ‘‘පොලිසිය අසල සිට ඔත්තුකාරයෝ සිටින නිසා මේ වැටලීම සඳහා විශේෂිත ආකාරයෙන් ක‍්‍රියාත්මක වන්නට වුණා. අවසානයේදී කලපු ගොඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අදාළ වාහන සමගින් පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම අවස්ථාවේ කලපු ගොඩකිරීමට අදාළ කිසිදු ලියවිල්ලක් ඔවුන් සන්තකයේ තිිබ්බේ නෑ’’
 
 ‘‘ගතවූයේ පැය භාගයයි’’ අයෙකු ඊට පෙර දින දිනය යොදාගෙන අදාළ ග‍්‍රාම නිලධාරීවරයාගේ අනුමැතිය සහිතව අදාළ ප‍්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිතව පස් ගොඩ කිරීම සඳහා ඩෙංගු උවදුර නිසා අවසර ලබාදෙන බවට ලියවිල්ලක් ඉදිරිපත් කරන්නට වුණා.
 
 අත්අඩංගුවට ගත් මොහොතේම සිට පැය භාගයක් තුළදී මේ ආකාරයට ලියකියවිලි සාදාදී රාජ්‍ය නිලධාරීන්ගේ සහාය මේ ජාවාරම්කරුවන්ට නිරන්තරයෙන් ලබාදෙන බවට ඒ එක නිදසුනක්. ඒනිසා අක්කරපත්තු පොලිසිය නිලධාරීන්ට රාජකාරි කටයුතු කිරීමට දැඩි අපහසුවක් ඇතිවෙලා තිබෙනවා. මේ ආකාරයට අත්අඩංගුවට ගන්නා බොහෝ පුද්ගලයන් බේරා ගැනීම සඳහා අක්කරපත්තුව, අට්ටාලචේන යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බොහෝ ග‍්‍රාමසේවා නිලධාරීන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ නිසි ආශිර්වාදය සහ සහාය ලැබෙන බව පුංචි දරුවෙකුට වුවද පෙනී යන කරුණක්.
 
 කොවිඞ් මාරයා පරදන්න නැගෙනහිර සෞඛ්‍යයට මුදල්
 
 පළාත් ප‍්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පවසයි.
 
 පළාත් සභාව මගින් 2021 වසර සඳහා සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීම සහ රෝහල් සංවර්ධනය කිරීම් සඳහා මිලියන 650 ක් වෙන්කර තිබෙනවා. මේ වනවිට එම මුදලට අමතරව මහා භාණ්ඩාගාරයෙන් තවත් රුපියල් මිලියන 540 ක් ලබාදී තිබෙනවා. මේ නැගෙනහිර පළාතේ කොවිඞ් මර්දන වැඩසටහන් සඳහා රෝහල් ශක්තිමත් කරමින් අවශ්‍ය කටයුතු කිරීම සඳහායි.
 
 ඒ වගේම නැගෙනහිර පළාතේ කොවිඞ් රෝහල් වලට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා තවත් මිලියන 90 ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
 
 මහඔය රෝහලේ ස්ථාපිත කර තිබෙන ඔක්සිජන් මධ්‍යස්ථානයේ ධාරිතාව තුන් ගුණයකින් වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් තවත් මිලියන 19 ක් මුදලක් වෙන්කර තිබෙනවා.
 
 මේ වනවිට කොවිඞ් තුන්වෙනි රැුල්ලට මුහුණ දීම සඳහා එක් දිස්ත‍්‍රික්කයක කොරෝනා රෝහල් 4 ක් ස්ථාපිත කරමින් කොරෝනා රෝග සඳහා අවශ්‍ය උපකරණ ලබා දී පහසුකම් වැඩිකර රෝගීන්ට හොඳ ප‍්‍රතිකාරයක් ලබා දෙමින් තුන්වෙනි රැුල්ල මර්දනය කිරීම සඳහා නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාරතුමිය, දිසාපතිවරුන් සහ පළාත් සභාවේ අදාළ පළාත් අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් දැඩි කැපවීමෙන් කටයුතු කරන බවත් ප‍්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා අඬහැරයට පවසා සිටියා‘
 
 ප‍්‍රවේශම් වෙන්න අම්පාරේ කොවිඞ් මරණ 68ක්
 මරදමුණේ හුදකලා කරන ලකුණු
 
 පළමු කොවිඞ් රැල්ලෙන් අම්පාර බේරුණා. ඒත් මේ වන විට තත්ත්වය වෙනස් වෙලා. අම්පාරෙන් කොවිඞ් රෝගීන් 4634 ක් හමු වෙලා තියෙනවා. ඉන් 2829 ක් අවුරුදු පොකුරෙන් ආසාදිත වූවන්. මේ වනවිට රෝගීන් 4155 දෙනකු සුවය ලබා තියෙනවා. රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 410 දෙනකු පමණයි.
 
 මේ වනවිට කොවිඞ් නිසා අම්පාරේ රෝගීන් 68 දෙනකු මියගොස් තිබෙනවා. ඉන් 53 ක් අලූත් අවුරුදු පොකුරේ ආසාදිතයන්.
 
 සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment