නිලධාරීන්ගේ කාර්යයන් වෙනස් කරන්නේ මහ බැංකුවේම හොඳටයි – මහ බැංකුව නිවේදනය කරයි

465

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු මහ බැංකුවේ සියලූ නිලධාරීන්ට පවරා ඇති වගකීම් සහ කාර්යභාරයන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ යහපත උදෙසා කලින් කලට වෙනස් කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම මූල්‍ය ආයතනයක කාර්ය මණ්ඩල ස්ථාන මාරු සහ නිලධාරීන්ගේ මාරුවීම් සිදුකිරීම අභ්‍යන්තර පාලනයේ සහ අභ්‍යන්තරයේ පරීක්‍ෂාවේ අත්‍යවශ්‍ය අංගයක් බව ද මහ බැංකුව අවධාරණය කරයි. මේ ගැන වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙසේද පවසයි. 2021 සැප්තැම්බර් 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද බව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ.

සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ඔස්ටේ‍්‍රලියාවේ නිව් සවුත්වේල්ස් විශ්වවිiාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විiාපති උපාධිය ද, කොළඹ විශ්වවිiාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විiාව පිළිබඳ විiාවේදී උපාධිය ද ලබා ඇත. කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකත්වය සහ ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ‍්‍රිත සාමාජිකත්වය දරයි. පහතින් සඳහන් කර ඇති පරිදි මුදල් මණ්ඩල ලේකම්වරයාගේ කාර්යභාරයන් සහ වගකීම් කලින් කලට විවිධ වෙනවස්වීම්වලට යටත්වන අතර කාලයෙන් කාලයට නිලතල මාරුවීමක් ද සිදුවේ.

2015 පෙබරවාරි මාසයේ මෙම තනතුරෙහි මාස 6 ක කාලයක් සේවය කළ සහකාර අධිපති සී. ජේ. පී. සිරිවර්ධන මහතා වෙනුවට සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා පත් කෙරිණි. 2015 නොවැම්බර් මාසයේ මුදල් මණ්ඩලයෙහි නියෝජ්‍ය ලේකම් යන විශේෂ තනතුර නිර්මාණය කෙරුණු අතර, මාණ්ඩලික පන්තියේ IV වන ශ්‍රේණියේ නිලධාරිනියක වූ කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය මෙම තනතුරට පත්කෙරිණි. 2016 ජුනි මාසයේ මෙම තනතුරෙහි මාස 16 ක කාලයක් සේවය කළ සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා වෙනුවට සහකාර අධිපති කේ. ඞී. රණසිංහ මහතා පත් කෙරිණි.

2016 ජූලි මාසයේ මෙම තනතුරෙහි මසක කාලයක් සේවය කළ සහකාර අධිපති කේ. ඞී. රණසිංහ මහතා වෙනුවට සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා පත් කෙරිණි. 2018 නොවැම්බර් මාසයේ මෙම තනතුරෙහි මාස 29 ක කාලයක් සේවය කළ සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා වෙනුවට සහකාර අධිපති සහ මුදල් මණ්ඩල නියෝජ්‍ය ලේකම් කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය පත් කෙරිණි. මුදල් මණ්ඩල නියෝජ්‍ය ලේකම් තනතුර පුරවා නැත. 2021 සැප්තැම්බර් මාසයේ මුදල් මණ්ඩල ලේකම් ලෙස මාස 34 ක කාලයක් සහ මුදල් මණ්ඩල නියෝජ්‍ය ලේකම් ලෙස මාස 36 ක කාලයක් සේවය කළ සහකාර අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය වෙනුවට සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා පත් කෙරිණි. ඉහත සඳහන් පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සියලූ නිලධාරීන්ට පවරා ඇති වගකීම් සහ කාර්යභාරයන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ යහපත පිණිස එහි කළමනාකාරීත්වය විසින් කලින් කලට වෙනස් කරනු ලබන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ. එමෙන්ම මූල්‍ය ආයතනයක කාර්ය මණ්ඩල ස්ථාන මාරු සහ නිලධාරීන්ගේ මාරුවීම් සිදුකිරීම අභ්‍යන්තර පාලනයේ සහ අභ්‍යන්තර පරීක්‍ෂාවෙහි අත්‍යවශ්‍ය අංගයක් බව අවධාරණය කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment