නිලධාරී ඇස් වසා – මත්තල ගුවන් තොට පෙනෙන මානයේ ගංජා වවලා

167

අක්කර දෙකහමාරක ගස් 18,956 ක් – උස අඩි 4-5ක්

විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වී. දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී.එස්. කුමාර මහතාගේ මඟ පෙවන්වීම මත කතරගම කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.ජී.එස්. ප්‍රියංකර මහතා ඇතුළු කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්තල පොලිස් වසමේ මත්තල ගුවන්පාලම අසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

එහි දී නීති විරෝධී ලෙස අක්කර දෙකහමාරක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි හතරක්, පහක් පමණ උස ගංජා ගස් 18,956 ක් වගාකර තිබූ ගංජා හේනක් සමඟ සූරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි විශේෂ කාර්ය බලකාය පවසයි . ගංජ වගාව, විශේෂ කාර්ය බලකාය විසින් ගිනි තබා විනාශ කර තිබේ.
කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment