නිල්වලා පිටාර ගලයි – මාතරත් ගංවතුර අවදානමක්

198

නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී. නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ගංවතුර අවදානමක් මතුව ඇත.

මේ නිසා අකුරැස්ස, අතුරලිය, බංගම, කඹුරුපිටිය, සියඹලාගොඩ ආදී ප්‍රධාන මාර්ගයන් ගංවතුරින් යටවී පවතින බැවින් ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇත.

ආපදා තත්ත්වයන් අවම කරලීමට මාතර දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය විසින් මාතර – තොටමුණ ප්‍රදේශයේ පිහිටි නිල්වලා ගඟෙහි මෝයකට පුළුල් කිරීමද සිදු කළහ.

සමන් උපුල් පිනිදිය සහ ඉඳුනිල් තාරුකා පිනිදිය – අතුරලිය

advertistmentadvertistment
advertistmentadvertistment