නිල් මහ සටනේ ජය රාජකීයයන්ට

208

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති 144 වැනි නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ ජය රාජකීය විද්‍යාලය ට අද හිමි විය.තුන්දින තරගයක් වූ මෙහි පළමු දිනය වූ ඉකුත් 16 වැනිදා කාසියේ වාසිය දිනූ ශාන්ත තෝමස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමු පන්දුවට පහරදුන් රාජකීය විදුහල් කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 326ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීය. ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 153ක් ලබා ගත්තේය. ලකුණු 173 ක් ඉදිරියෙන් සිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලය කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 168ක් ලබා සිටියදී දෙවැනි ඉනිම අත්හිටුවීය. ජයග්‍රහණය සදහා ලකුණු 341ඉලක්කයක් හඹා ගිය ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමට තෙවැනි දිනය වූ අද සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 161කි. ඒ අනුව ලකුණු 181ක ජයක් රාජකීය විදුහල් කණ්ඩායමට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment