‘නිල් මහ සටනේ’ පළමු දිනය වැස්සට සේදෙයි

158

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැත්වීමට නියමිතව තිබූ ‘නිල් මහ සටන’ කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (28 වැනිදා) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළමු දිනට තරගය අත්හැර දැමීමට සිදුවිය.

‘නිල් මහ සටනේ’ පළමු දිනය වැස්සට සේදෙයි

තරගය පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයට ඊයේ දිනය පුරාම වැටුණු අධික වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට අවස්ථාවක් නොලැබුණු අතර එ් හේතුවෙන් තරගයේ පළමු දිනය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

 කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අවස්ථා කිහිපයකදීම පැවැත්වීමට නොහැකිව කල් දමන්නට යෙදුන ‘නිල් මහ සටන’ කි‍්‍රකට් තරගය මේ වසරේ පැවැත්වෙන පළමු පාසල් කි‍්‍රකට් තරගය වේ. එ් අනුව ඞී.එස්. සේනානායක අනුස්මරණ පළිහ වෙනුවෙන් අඛණ්ඩව 142 වැනි වරටත් පැවැත්වෙන ‘නිල් මහ සටන’ කි‍්‍රකට් තරගය දෙවැනි දිනය අද (29 වැනිදා* වන අතර තෙවැනි සහ අවසන් දිනය හෙට (30 වැනිදා) වේ.

advertistmentadvertistment
advertistmentadvertistment