නිලූක, සචින් සහ බුවනෙක ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට

119

2022 ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට නිලූක කරුණාරත්න, සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සුදුසුකම් ලබා තිබේ.

 ඒ අනුව නිලූක එම තරගාවලියේ කේවල ඉසව්ව නියෝජනය කිරීමට නියමිත අතර සචින් සහ බුවනෙක තරගාවලියේ පිරිමි යුගල ඉසව්ව සඳහා සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

 නිලූක කරුණාරත්න මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල හතරකට සහභාගි වී තිබේ. ඒ අනුව නිලූක ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 1940ක් දිනා ගනිමින් 131 වැනි ස්ථානයේ පසුවන අතර සචින් සහ බුවනෙක යුගල ශ්‍රේණිගත කිරීම් හී 91 වැනි ස්ථානයේ පසු වේ. ඒ ප්‍රසාද ලකුණු 2253ක් සමගිනි.

 2022 ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය අගෝස්තු 21 සිට 28 දක්වා ජපානයේ පැවැත්වීමට නියමිත තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment