නිලූෂි Style ගැන හිතන විදිහ

153

නිතර ටෙලි තිරයෙන් ඔබ හමුවට එන ඇය නමින් නිලූෂි පවන්‍යා. ඇගේ කලා තොරුතුරු වෙනුවට අපි ඔබට කියන්න හදන්නේ ඇගේ විලාසිතා ගැනයි.

විලාසිතා ගැන මොකද හිතන්නේ?

විලාසිතා තැන් තැන්වලට අනුව වෙනස් වෙනවා සහ අලුත් වෙනවා. පැරණි දේවල් පවා අලුත් වෙනවා. එකිනෙකාට අනුවත් වෙනස් වෙනවා. මම හිතන්නේ වෙනස් වෙන දෙයක්.

සීමා මායිම් තියෙනවාද?

ඔව් ඉතිං. අවශ්‍ය තැනට අනුව තමයි විලාසිතා කළ යුත්තේ. එහෙම බලනකොට විලාසිතාවලට සීමාවන් තියෙනවා.

කාවහරි අනුකරණය කරනවාද?

එහෙම අනුකරණය කරන්නේ නැහැ. මගේ හිතෙන් මම ඇඳුමක් මවා ගන්නවා. ගොඩක් එහෙම හිතලා තමයි මම සාමාන්‍යයෙන් ඇඳුම් ගන්නේ. හැබැයි මම ගොඩක් බොලිවුඩ් විලාසිතාවලට කැමැතියි. දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා, ශිල්පා අඳින විදිහට මම කැමැතියි.

නිලූෂි Style ගැන හිතන විදිහ

පෙනුම විලාසිතාවලට වැදගත් කාරණාවක්ද?

නැහැ. මම හිතන්නේ නැහැ පෙනුම වැදගත්ම කාරණාවක් කියලා. කොයි විදිහේ පෙනුමක් තිබ්බත් ඒ කෙනාට ගැළපෙන විලාසිතා කරන්න පුළුවන්.

සිරුර හැඩට තියාගන්න ජිම් යන්නම ඕනෑද?

නැහැ. ජිම් යන්නම ඕනෑ නැහැ. මොකද අපි එදිනෙදා ගන්න කෑම සහ අපිට ගෙදර ඉඳගෙන ව්‍යායාම කරන්න පුළුවන් නම් ඒවත් එක්ක මම හිතනවා ජිම් එකක් අත්‍යවශ්‍ය නැහැ කියලා ඇඟ ලස්සනට තියාගන්න.

කැමැතිම ඇඳුම?

මම කැමැතිම ඇඳුම් දෙකක් තියෙනවා. එකක් දිග ගවුම්. අනිත් එක වොප් සහ ට්‍රවුසර්.

හෑන්ඩ් බෑග් එකේ වැඩිපුර තියෙන්නේ?

මගේ ෆෝන් එක තියෙනවා. මේ දිනවල නම් සැනිටයිසර් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට අමතරව මගේ පොඩි නෝට් බුක් එකක් තියෙනවා. පෙන් එකක් තියෙනවා. කොහේ හරි යනකොට මගේ චාජර් එක දාන පොඩි පවුච් එකක් තියෙනවා. සුවඳ විලවුන් බෝතලයක් වගේම මගේ පර්ස් එක තියෙනවා.

මේකප් එක වැදගත්ද?

නැහැ. අත්‍යවශ්‍යම නැහැ. නමුත් පොඩි ලිප් බාම් එකක් භාවිතා කරනවා සහ අයි ලයින් එකක් වගේ භාවිතා කරනවා. සමහර තැන්වලට මම ඒක නැතිවත් යනවා. ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි.

ටැටූ?

මම පුද්ගලිකව ටැටූවලට කැමැතියි. හැබැයි මම ටැටූ එකක් ගහලා නැහැ.

පියර්සින්

ඒකටත් ලොකු කැමැත්තක් තියෙනවා. ඒ හින්දාම මම පියර්සින් කරලා තියෙනවා.

ෆැෂන් කරන්නේ කොල්ලන්ට පේන්නද?

නැහැ. එහෙම දෙයක් නැහැ. කෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්න නෙමෙයිනේ පැෂන් කරන්නේ. තමන් ආස නිසානේ පැෂන් කරන්නේ. අපි තව කෙනෙකුගේ අවධානය දිනාගන්න පැෂන් කරන්න වුවමනා නැහැ. මේ ඇඳුම මට ලස්සනයි, මට ගැළපෙනවා සහ කියලා හිතෙනවා නම් තමයි ඒ දේවල් කරන්නේ. ඒක එකිනෙකාට අනුව වෙනස් වෙනවා.

නිරෝ

advertistmentadvertistment
advertistmentadvertistment