නිල දරිද්‍රතා රේඛාව අනුව ඒකපුද්ගල මාසික වියදම ඉහළට

628

මේ වසරේ (2022) ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාවේ වර්ධනය අනුව එක් පුද්ගලයකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල ඉකුත් ජුනි මාසය වනවිට රු.13421ක් දක්වා වැඩිවී ඇත.

මේ අගය 2022 ජනවාරි මාසයේදී රු.9624ක් ද පෙබරවාරි මාසයේදී රු. 9728ක් ද මාර්තු මාසයේදී රු. 10013ක් ද අප්‍රේල් මාසයේදී රු. 11033ක් සහ මැයි මාසයේදී රු. 12100ක් දක්වාද ක්‍රමයෙන් වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ වැඩිවෙමින් පවතින දරිද්‍රතා රේඛාව පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සකස් කරන ලද දත්ත සටහනක් මගින් මේ තොරතුරු අනාවරණය කර තිබේ. එහි සඳහන් වන්නේ නිල දරිද්‍රතා රේඛාව ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජාතික හා දිස්ත්‍රික් මට්ටම්වල මිල වෙනස් වීම් සැලකිල්ලට ගනිමින් මාසිකව ප්‍රකාශයට පත් කරන බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment