නිල නිවසට එන්න කියා අතවර කරන්න හැදූ ගුරා කූඩු

1034

සිසුවියකට අතවර කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් එම විදුහලේම ගුරුවරයකු සැකපිට බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පැවසුවේ ඉකුත් 15 දා පාසල නිමවීමෙන් පසු සැකකාර ගුරුවරයා එම සිසුවියට සවස තම නිල නිවසට පැමිණෙන ලෙස දන්වා ඇති බවත්ය.

පසුව එම සිසුවිය සැකකාර ගුරුවරයාගේ නිල නිවසට යෑමෙන් පසු එම ගුරුවරයා තමන්ට අතවර කිරීමට තැත්කළ බවට කරන ලද පැමිණිල්ලක් මත එම ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, එකී සැකකාර ගුරුවරයා හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසීය. එමෙන්ම අදාළ සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා බගවන්තලාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවත්, මේ පිළිබඳව බගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ අරඹා බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment