නිවන් දොර හැර ගන්න කාලාමවරයකු වන්න

595

ලොව්තුරු ශාන්ති නායක බුදු රජාණන් වහන්සේගේ ධර්මය ලොවට පසක් වූ ලොව පවතින ධර්මයයි. අනෙක් බොහෝ ආගමික දර්ශනයනයන් හි අයිතිකරු වන්නේ දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ සොයාගත් දහම උන්වහන්සේගේ දූතයකු හෝ පුත‍්‍රයකු මාර්ගයෙන් මිනිස් ලොවට ලබා දී ඇත. බුදු රජාණන් වහන්සේ එසේ නොවෙයි. උන්වහන්සේ ලොව තිබූ ධර්මයම උන්වහන්සේගේ ප‍්‍රඥා බල මහිමයෙන් සොයාගත් හ. අවබෝධ කර ගත්හ. ඒ නිසාම උන්වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. ඉන් අනතුරුව තමන් සසර කතර තරණය කරන්නට උපකාරි වූ ධර්මය අන් අයට භව සසර දුක තරණය කොට එතර වීම සදහා දේශනා කළහ. තමා භව සංසාර දුකින් මිදීම ස`දහා අවබෝධ කරගත් ධර්මය අන් අයට භව සංසාර දුකින් මිදීම පිණිස දේශනා කළහ. තමා දමනය වූ ධර්මය අන් අයගේ දමනය පිණිසත්, තමා ශාන්තභාවයට පත් ධර්මය අන් අයගේ ශාන්තභාවය පිණිසත් දේශනා කළහ. ඒ ධර්මය මුල මැද අග වශයෙන් කල්‍යාණව දේශනා කළහ. එය සාන්දෘෂ්ටිකය, අකාලිකය, එන්න පිළි ගන්න යැයි ඕනෑම අයෙකුට ආරාධනා කළ හැකි ය. ප‍්‍රඥාවන්තයින් විසින් තමන්ගේ ඥානයෙන් අවබෝධ කට යුතුයි.

නිවන් දොර හැර ගන්න කාලාමවරයකු වන්න


දැඩි නීතිරීති තුළින් නොව අවබෝධයෙන් අනුගමනය කළ යුතු ප‍්‍රතිපදාවකි. විමසා දැන අනුගමනය කළ යුතු නිදහස් දහමකි. එම නිදහස උන්වහන්සේ කාලාම සූත‍්‍රය, විමංසන සූත‍්‍රය වැනි සූත‍්‍ර දේශනාවන් තුළ දී තම ශ‍්‍රාවකයින්ට දේශනා කළ හ. උන්වහන්සේ කිසිදා කිසිවිට අනුගාමියකු වන්න යැයි තම ශ‍්‍රාවකයන්ට දේශනා නොකළ හ. චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයෙහි දී උන්වහන්සේ දක්වනුයේ ඇතෑගේ පයේ ඇති විශාලත්වය, ඇතා පිට ඇතිල්ලූ‍ උස, ඇතා අතු කඩා කෑ උස ගැන සිතා මේ ඇතා යයි සනිටුහන් නොකළ යුතු බවත් විශාල ප‍්‍රමාණයේ පා ඇති උස, දිග හො`ඩය ඇති ඇතින්නියන් ද සිටින බැවින් ඇතා තම දෑසින් දැක මේ ඇතා යයි නිශ්චය කරන ලෙස දක්වයි.

අංගුත්තර නිකායේ කේසපුත්ත නියම් ගම්හි කාලාම නම් ක්ෂත‍්‍රිය වංශික ජන කොට්ඨාසය ද එවන් අර්බුදයක ස්වාමීනි, මේ කේසපුත්ත ගමට එන්නාවූ සමහර ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වත්. ප‍්‍රකාශ කරත්. අනික් වාදයන්ට ගරහත්, නින්‍දා කරත්, බැහැර කරත්. ස්වාමීනි, අනික් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයෝ කේසපුත්ත ගමට එත්. ඔවුහුද තමන්ගේ වාදයම කෙතෙක්ද දක්වත්, ප‍්‍රකාශ කරත්, අනික් වාදයන්ට ගරහත්, නින්‍දා කරත්, බැහැර කරත්, ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳ මේ පින්වත් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබෑවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට ෂාංකා ඇතිවන්නේ සැක ඇතිවන්නේය. බුදුරජාණනවහන්සේ ඔවුන්ගේ ග්‍රෝත‍්‍ර නාමයෙන් අමතා කාලාමා – කාලාමවරුනි, ඔබේ සැකය සාධාරණයයි පවසා තීන්දුවක් තීරණයක් කළ යුතු ආකාරය දැක්වූ හ.

යමක් පිළිබඳ අප විශ්වාසයක් හෝ පිළිගැනීමක් සිදු කරන අවස්ථා කිහිපයක් වෙයි. බුදු රජාණන් වහන්සේ එම අවස්ථා කාලාම සූත‍්‍රයේ දී දේශනා කරති.

මා අනුස්සවෙන,
මා පරම්පරාය,
මා ඉතිකිරාය,
මා පිටකසම්පදානෙන,
මා තක්කහෙතු,
මා නයහෙතු,
මා ආකාරපරිවිතක්කෙන ,
මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා,
මා භබ්බරූපතාය,
මා සමණො නො ගරූති.

මෙහි පාලි භාෂාවෙහි ” මා ” යන්නෙන් අදහස් කරනුයේ මිදෙන්න, නිදහස් වෙන්න කියන අර්ථය නොවේ. මිදීම යන අර්ථය ලබා දෙන්නේ පාලියෙ හි ” මුත්ති ” යන වචනයෙනි.

” මා ” යන්නෙන් අර්ථවත් කරන්නේ ”එපා ”යන අර්ථය යි. මෙයින් අදහස් කරනුයේ යම් ක‍්‍රියාවක්, වචනයක්, එසේ නැතහොත් යමෙක් කරන දෙයක්, කියූ දෙයක් පිළි ගැනීමේ දී බොහෝ දෙනෙක් කියනවා ඇසූ පමණින් ( අනුස්සවෙන ) පිළිගන්න එපා (මා) පරම්පරාවෙන් ආ පමණින් (පරම්පරාය) පිළිගන්න එපා. මෙය මෙසේ විය හැකි යැයි (ඉතිකිරාය ) පිළිගන්න එපා. පිටක සම්ප‍්‍රදාය තුළ වූ පමණින් (පිටකසම්පදානෙන) පිළිගන්න එපා. තර්කයට ගැළපුනැයි (තක්කහේතු) පිළිගන්න එපා. න්‍යායට ගැළපුන පමණින් (නයහේතු) පිළිගන්න එපා. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන් (ආකාරපරිවිතක්කෙන ) පිළිගන්න එපා. නුවණින් කල්පනා කොට ගන්නා ලද දෘෂ්ටියට සමාන යැයි (දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා) පිළිගන්න එපා. යහපත් ශ‍්‍රමණ කෙනෙක් කීවා යැයි ( භබ්බරූපතාය ) පිළිගන්න එපා. මේ ශ‍්‍රමණයා අපගේ ගුරුවරයා යැයි (සමණො නො ගරූති) පිළිගන්න එපා. මේ ආදී වශයෙන් පිළි නොගත යුතු අවස්ථා රාශියක් දක්වයි.

යම් ධර්මයක්, දේශනයක්, වචනයක්, ක‍්‍රියාවක් පිළිගැනීමේ දී අනුගමනය කළ යුතු අවස්ථා රාශියක් ද වෙයි.

කුසල් ද අකුසල් ද යැයි බලන්න කුසල් නම් එය අනුගමනය කරන්න, අකුසල් නම් බැහැර කරන්න. වැරදිද නිවැරදිද වැරදි නම් අනුගමනය නොකරන්න, නිවැරදි නම් අනුගමනය කරන්න.නුවණැතියන් විසින් ගර්හා කරන ලද හා නුවණැතියන් විසින් ප‍්‍රශංසා කරන ලද යන අර්ථයෙන් ගර්හා කළ දේ බැහැර කරන්න. ප‍්‍රශංසා කළ දේ අනුගමනය කරන්න. යම් ධර්මයක් අහිත දුක් පිණිස පවතී ද? හිත සතුට පිණිස පවතී ද අහිත දුක් සහිත නම් ඒ ධර්මය අතහරින් හිත සැප පිණිස පවතීනම් ඒ ධර්ම අනුගමනය කරන්න.

එමෙන්ම යම් ධර්මයක්, වචනයක්, ක‍්‍රියාවක් ඉපදීම ස`දහා මුල් වූ චෛතසිකතාව පිළිබඳ කල්පනා කළ හැකි ය. ලෝභය, ද්වේෂය, මෝහය මුල්ව යම් ධර්මයක්, දේශනයක්, වචනයක්, ක‍්‍රියාවක් පහළ වේ නම් අකුසල මුල් වේ. මෙම අකුසල මූලයන්ගෙන් උපදින සියලූ‍ දේ අකුසල වේ. අපරාධ වේ. වැරදි වේ. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි ආකාරයෙන් ඉන්ද්‍රිය පිනවීම, බොරු,කේළාම්, පරුෂ, හිස් වචන ප‍්‍රතාශ කිරීම, මදයට හා ප‍්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය මේ ආදී සියලූ‍ සමාජ අපරාධ මේ කොටසට අයත් වේ. ඒ ඒ මිණුමට අනුව නොකළ යුතු වේ. අකුසල් මුල් වූ සියලූ‍ දේ අකුසල් ය. වැරදි දේ වෙයි.නුවණැතියන් ගර්හා කරන දේ වෙයි. දුක් පිණිසම පවති. වැරදි තමා කිරීම, වැරැුද්දට අනුබල දීම, හා අන් අය වැරැද්දට පෙළඹවීම සිදු කිරීම නිසා සංසාරය පුරාවට අපාය ගාමීව දුක්විදින්නට සිදුවෙයි.

අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන්ගෙන් යම් ධර්මයක්, දේශනයක්, වචනයක්, ක‍්‍රියාවක් උපදී ද එය කුසල මූලය මුල් වූ බැවින් තමාටත් සමාජයටත් හිතකර වේ. යහපත් වේ. ඒ දේ තුළ ප‍්‍රාණඝාතාධි අකුසල සිදු නොවෙයි. එවා බැහැර වෙයි. දාන,ධර්මාදි වූ කුසල සිදු වෙයි. තමාටත් සමාජයටත් සතුට උපදී මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වැනි උදාර ගුණ ධර්ම වල තමා නිරත වෙයි. අනුබල ලබා දෙයි. අන් අයද ඒ ගුණධර්ම වල හුරු කරවයි. එය අනුගමය කිරීම සුදුසු වෙයි.එය කුසල වෙයි. නිවැරදි දේ වෙයි. නුවණැතියන් විසින් පුසංසා කෙරේ.මෙලොව සැප පිණිස පවතී. පරලොව සැප පිණිස පවති. ලෞකික සැප පිණිස පමණක් නොව ලොකෝත්තර සැප වූ නිවනින් සැනසීම පිණිස පවතී.

ධර්මය බුදුරජාණන් වහන්සේ දක්වා ඇත්තේ නාගයකු හා සමාන බවයි. නාගයාගේ අල්ලාගත යුත්තේ හිසිනි. වල්ගයෙන් හෝ මැදින් අල්වා ගතහොත් මහා විනාශයක් ඇති වෙයි. වර්තමානය තුළ බුදු බණ බවා විවිධ ආකාරයෙන් දේශනා කරනු ලබයි. මරුහු එවන ලද මාර දූතයන් මෙන් පිරිස තමන් ද රැුවටී අන් පිරිසද රවට්ටයි. මේ රැුවටිල්ලට හසුව දුගතිගාමී වනවාද එසේත් නැතහොත් කාලාම සූත‍්‍ර තුළින් ලබා දෙන නිදහස් චින්තය තුළින් නිවැරදි දේ හ`දුනාගෙන එය අනුගමනය කරනවා ද යන්න ඔබ තීරණය කළ යුතු යි. දැන ගියොත් කතරගම – නොදැන ගියොත් අතර මඟ අවබෝධයෙන් ධර්ම ප‍්‍රතිපදාව අනුගමනය කළොත්, මේ භවයේ දියුණු, භව සංසාරයේ දියුණුව පමණක් නොව නිවනින් සැනසීම ද ලැබෙයි. එසේ නොවුනොත් මෙලොව, පරලොව ජීවිතය දුක්ඛිතව ගත කරයි. බව සංසාර ගමන දුරු කරගනියි. සතර අපාය, පේ‍්‍රත, තිරිසන් ලෝක වල උපත ලබා නිවන දුරු කර ගනී. එහෙයින් කාලාමවරුන් සේ අපි සිතමු.

සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment