නිවසකට පැන හිසට වෙඩි තබා කොන්ත්‍රාත්කරු මරලා… මියගිය අය අංගොඩ ලොක්‌කාගේ හා විදෙස්‌ගත මත් ජාවාරමකුගේ හිතවතෙක්‌

378

අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසකට ඊයේ (26 වැනිදා* පෙරවරුවේ කඩා වැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු එහි දොරවල් කඩා කාමරයක නිදා සිටි ධනවත් කොන්ත‍්‍රාත්කරුවකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ මස්සිනාගේ කටට වෙඩි තබා බරපතළ තුවාල කර මුළු ප‍්‍රදේශයම භීතියට පත්කරමින් පලාගොස් ඇත.

මෙම ඝාතන සිද්ධිය වූ ස්ථානය පරීක්‍ෂා කිරීමට පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසූවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පැවැති ආරවුලක් මෙම ප‍්‍රහාරයට හේතු වී ඇති බවයි.

නිවසකට පැන හිසට වෙඩි තබා කොන්ත්‍රාත්කරු මරලා... මියගිය අය අංගොඩ ලොක්‌කාගේ හා විදෙස්‌ගත මත් ජාවාරමකුගේ හිතවතෙක්‌
මියගිය ප්‍රනීත්

ඝාතනයට ලක් වූ 42 හැවිරිදි ප‍්‍රණීත් නුවන් මිලින්ද නමැත්තා කලක් අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා සම`ග සබඳතා පැවැත් වූ අයකු බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.

මේ අතර විදේශගතව සිටින ප‍්‍රධාන පෙළේ හොරොයින් ජාවාරම්කරුවකු සම`ගද මොහු සමීප සබඳතා පවත්වන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

ඝාතනයට ලත් නුවන් මිලින්ද නමැත්තා මාර්ග ඉදිකිරීම් කොන්ත‍්‍රාත් කටයුතුවල නිරත වන පුද්ගලයෙකි. මොහු මෑත කාලයේ දී අසීමිත ලෙස මුදල් පරිහරණය කර ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

ඊයේ පෙරවරු 6.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ විහාරස්ථානයක් අසල මාර්ගයේ සුළු මොහොතක් නතර වී සිට ඇත.

කිසියම් දුරකථන පණිවිඩයක් ලැබුණු පසු ක‍්‍රියාත්මක වී ඇති මෙම සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා නුවන් මිලින්ද නමැත්තාගේ නිවස වෙත ගොස් තිබේ. ඒ වන විට නිවසේ දොරකඩ දමා තිබූ අතර තමන් පොලිසියෙන් යැයි කියමින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා දොර විවෘත කරගෙන ඇත.

කෝ මිලින්ද යැයි කියමින් නිවසට ඇතුළු වී ඇති සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා එහි වසා දමා තිබූ කාමරයක දොර කඩා දමා නිදා සිටි මිලින්දගේ හිසට වෙඩි තබා ඇත.

ඒ අවස්ථාවේ ඔහුගේ ඇඳ අසල බිම නිදා සිටි 45 හැවිරිදි බුද්ධික වසන්ත නමැත්තා ඝාතකයා සම`ග පොර බදා තිබේ. එහිදී තුවක්කුකරු ඔහුගේ මුඛය ප‍්‍රදේශයට වෙඩි තබා බරපතළ තුවාල කර පලා ගොස් තිබේ.

නිවසකට පැන හිසට වෙඩි තබා කොන්ත්‍රාත්කරු මරලා... මියගිය අය අංගොඩ ලොක්‌කාගේ හා විදෙස්‌ගත මත් ජාවාරමකුගේ හිතවතෙක්‌
තුවාල ලැබූ අය
 

ප‍්‍රහාරයෙන් මිලින්ද නමැත්තා සිද්ධිය වූ ස්ථානයේම මියගිය අතර ඔහුගේ මස්සිනා වූ බුද්ධික වසන්ත බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම වෙඩි තැබීම සඳහා මිලි මීටර් 9 මාර්ගයේ පිස්තෝලයක් යොදාගෙන ඇති බව පොලිසිය පවසයි. ඝාතනයක් මෙම ප‍්‍රහාරය සඳහා පැමිණෙන සී. සී. ටී. වී. දර්ශන පොලිසිය මගින් සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තොන්නකෝන් මහතාගේ උපදෙස් මත නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රොහාන් පේ‍්‍රමරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වා ගෙන යති.

හේමන්ත රන්දුණු – යූ. කේ. අබේරත්න කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment