නිවසක් තනාගන්න උදව් ඉල්ලන මොනරාගල සුනිල්ට පිහිටවෙමු

121

මොනරාගල, මැදගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පගුර – උඩුපිටිය ගම්මානයේ පදිංචි ආර්. එම්. සුනිල් කුමාර (43* තම මව, බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ ජීවත් වෙන්නේ කුඩා නිවසකය.

නිවසේ ඉඩකඩ ප‍්‍රමාණවත් නොවීම නිසා ඔහුගේ මව වෙනම කූඩාරමක ජීවත් වේ. සුනිල් කුමාර හතිය රෝගයෙන් පෙළෙන අතර බිරිඳ කුලී වැඩ කරමින් උපයන මුදලින් එදිනෙදා ජීවිතය ගැටගසා ගනී. සුනිල් කුමාර සහ ඔහුගේ බිරිඳ ආර්. එම්. සුමනාවතී දෙපළගේ එකම අරමුණ තම පුතුන් තිදෙනාට ඉගැන්වීමයි. අවුරුදු 16, 14 සහ 09 වියෙහි පසුවන දරුවන් තිදෙනා 11, 09 සහ 04 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබයි. එම පවුලට සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පහසුකම්ද නොමැත. සුනිල් කුමාර පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම මව ඇතුලූ පවුලේ සියලූ දෙනාට එකට ජීවත් විය හැකි නිවසක් ඉදිකර ගැනීමට උදව් උපකාර කරන ලෙසයි. ඔහුගේ ලිපිනය උඩුපිටිය, පගුර, මොනරාගල. දු.අංක 0777 64 5813 (අසල්වැසි)

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment