නිවසටම පැමිණ ගොවියා මැරූ අලියාත් ගැඹුරු ළිඳකට වැටී මරුට

1451

වන්නි හත්පත්තුව වනාහි අලි මිනිස් ගැටුම් සුලබව අසන්නට ලැඛෙන ප්‍රදේශයකි. වසරකට සැලකිය යුතු අලි මිනිස් ජීවිත ප්‍රමාණයක් රටට අහිමිව ගියද වගකිවයුතු කිසිදු පාර්ශ්වයක අවධානයක් මේ වෙත යොමු නොවීම නිසා ඊයේ (12 දා) අලූයම් කාලයේදී ද අඔන්පොල ප්‍රදේශයේ තවත් එක් ගොවි මහතෙකුගේ හා අලියකුගේ ජීවිත රටට අහිමි විය.

අඹන්පොල, වඳුරැස්ස ප්‍රදේශයේ පදිංචි හැටපස් හැවිරිදි දෙදරු පියෙකු වන කේ. එස්. රණතුංග ගොවි මහතාගේ ගෙවත්තට ඊයේ අලූයම වන අලියෙකු පැමිණ තිඛෙන අතර අලියාව එළවා දැමීමට ඔහු දැරූ උත්සාහයේදී අලියාගේ පහර කෑමට ලක් වී එම ස්ථානයේම ඔහුට ජිවිතය අහිමි වී ඇත.

මීට මාසයකට පමණ පෙරද මෙම ග්‍රාමයේම පැල් රැකීමට හේනට ගොස් සිටි තරුණ යුවළකටද මෙම අලියා විසින් පහර දීමෙන් තරුණයා ජිවිතක්ෂයට පත්විය. රණතුංග මහතාට පහර දී ඔහුව හොඬෙන් රැගෙන යන අවස්ථාවේ ඔහුගේ නිවසේම තිබූ අඩි 35 ක් පමණ ගැඹුර ජලය පිරී තිබූ ළිඳකට වැටීමෙන් ගෙල කැඩීම නිසා වන අලියාගේද දිවි තොර වී ඇත. වනජීවී නිලධාරීන් පැමිණ බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පැය 10 ක පමණ මෙහෙයුමකින් පසු අලියාගේ දේහය ගොඩට ගෙන ඇත.

කුමා රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment