නිවසේදී රෝගාතුර වූ කත තෙල් නොමැතිව රෝහලට ගෙන යන්න පමාවී නිවසේදීම මියගිහින්

71

දැඩිසේ රෝගාතුරු වු හැත්තෑ දෙහැවිරිදි මවක් රෝහල් ගත කිරීමට වාහනයක් සොයාගැනීමට නොහැකිව ඇය රෝහල් ගතකිරීමට පෙර නිවසේදීම මියයෑමේ ශෝචනීය පුහවත් මිණිපේ, හසලක කොලොන්ගොඩ ප්‍රාදේශිය රෝහලේ පැවති මරණ පරික්ෂණයකදී අනාවරණය විය.

කොළොංගොඩ පලුගොල්ල කොටලීය, අංක 1297 ලිපිනයේ පදිංචිව සිටි පෑලව මැදගම්මැද්දේ ගෙදර ඥාණවතී (වයස 72) සිවුදරු මව එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

හසලක හදිසි මරණ පරීක්ෂක එච්. එම්. ටී. බී. හේරත් මහතා හමුවේ පැවති මරණ පරික්ෂණයේදී මියගිය අයගේ මුණුපුරෙකු වන ඊ. එම්. ධම්මික පුෂ්ප කුමාර (21) සඳහන් කලේ තම අත්තම්මා කලක සිට ඇදුම රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටින අයෙකු බවයි.

ප්‍රදේශයේ ත්‍රිරෝද රථ වෑන් රථ ලොරි රථ තිබුණත් ඒවාට අවශ්‍ය ඉන්ධන තිබුනේ නම් තම අත්තම්මා රෝහල් ගත කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තව දවස් කිහිපයක් හෝ ජීවත් කිරීමට හැකිවූ බවත් ඉන්ධන නොමැතිකම නිසාම තම අත්තම්මා ඉතා අවාසනාවන්ත ලෙස තමන්ට අහිමි වු බවට සාක්ෂි දෙමින් පවසා ඇත.

මහියංගණ – රංජිත් කරුණාවිර

advertistmentadvertistment
advertistmentadvertistment