නිවසේ නිදාගෙන සිටි පුතාව පිරිසක් ඇවිත් අරලියගහ මැඳුරට රැගෙන ගියා

725

මියගිය හර්ෂගේ මව වූ ලීලාවතී කියයි

පසුගියදා ඇතිවූ ගැටුමෙන් ජීවිතක්‍ෂයට පත්වූ හර්ෂ කුමාරගේ අවමඟුල

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් එම ධුරයේ සිටිය යුතු යැයි ඉල්ලීම් කිරීමට කුලියාපිටියෙන් අරලියගහ මන්දිරයට ගොස් ඉකුත් 09 දා ඇතිවූ තත්ත්වය මත පහර කෑ අයෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව තිබිණ. ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද ඉකුත් 18 දා තහවුරු කළේය.

නිවසේ නිදාගෙන සිටි පුතාව පිරිසක් ඇවිත්  අරලියගහ මැඳුරට රැගෙන ගියා

එසේ මරුමුවට පත්ව තිබුණේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 47 හැවිරිදි හර්ෂ ප්‍රියන්ත සත්කුමාර නමැති අවිවාහක අයෙකි.

9 වැනිදා නිවසේ නිදි සුවයෙන් සිටියදී පිරිසක් පැමිණ අරලියගහ මැඳුරට යෑම සඳහා කැඳවාගෙන ගිය බවත්, සාමාන්‍යයෙන් මියගිය තම පුතු යන එන ස්ථාන පිළිබඳ තමන් දැනුවත් නොකරන බවත්, මියගොස් සිටින හර්ෂ ප්‍රියන්ත මහතාගේ මව වූ 74 හැවිරිදි ලීලාවතී මහත්මිය පැවසුවාය.

එසේ ගොස් නිවසට නොපැමිණි තම පුතු යම් පහරදීමකට ලක්ව රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවට ලද පණිවුඩයකින් අනතුරුව තමන් හා අනෙකුත් දූ දරුවන් සමගින් කළ සොයා බැලීමේදී මියගොස් සිටින පුතු එම රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබූ බව දැනගත් බවද ඒ මහත්මිය පැවසුවාය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment