නිවසේ පිළිකන්නට ගෙන්වාගෙන බාලවියේ අක්ක නගෝ දෙදෙනා දූෂණය කළ අමනයෝ අත්අඩංගුවට

664

බාලවයස්කාර වියේ පසුවන අක්කා නගෝවරු දෙදෙනෙකු අපයෝජනයට ලක්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බැව් පෝද්දල පොලිසිය පවසයි.

අපයෝජනයට ලක්ව ඇති අක්කාගේ වයස අවුරුදු 15ක් හා මාස 06ක් වන අතර නැගණියගේ වයස අවුරුදු 12 මාස 06ක් වේ. මෙම අක්කා නගෝවරුන් දෙදෙනා සැකකරුවන් දෙදෙනා විසින් දැරියන්ගේ නිවසේ පිටුපසට රැුගෙනවිත් දූෂණයට ලක්කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් හා 21 වන සැකකරුවන් දෙදෙනෙකි. මින් එක් සැකකරුවකු පෙරේදා (18දා* රාත‍්‍රි අත්අඩංගුවට ගත් අතර අනික් සැකකරු ඊට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අක්කා නගෝ් දෙදෙනා සැකකාර තරුණයින් සමග පේ‍්‍රම සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පෝද්දල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. සංජීව, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ක.පො.ප. ලසන්ති, පො.ප. ගයාන්, පො. සැ. 59079 ගමගේ, පො. සැ. 34529 රත්නායක, පො. කො. 76206 කුමාර යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment