නිවසේ වහලය මත රහස් කාමරයක කසිප්පු පෙරූ කෝටිපති ව්‍යාපාරිකයාට වැඩ වරදී

267

හොරණ ගෝනපොළ පිටවල ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක නීති විරෝධී මත්පැන් පෙරන බවට ලද තොරතුරක් අනුව වැටලීමේදී නිවසේ වහලේ තනන ලද රහස් කාමරයක් තුළ තිබී මත්පැන් තොගයක් සොයා ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය කියයි.

නිවසේ වහලය මත රහස් කාමරයක කසිප්පු පෙරූ කෝටිපති ව්‍යාපාරිකයාට වැඩ වරදී

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනුණු අතර එම රහස් කාමරය තුළ තිබී නීති විරෝධී මත්පැන් ස්ප‍්‍රිතු මිලිලීටර් 33750 ක්, බැරල් තුනක බහා තිබූ මිලිලීටර් 53000 ක්, සිලින්ඩරයක්, දඟරයක් හා ගෑස් ලිපක් ආදී උපකරණ රැුසක් පොලිස් භාරයට ගෙන ඇත.

මොරගහහේන පොලිසියට අනුයුක්ත විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත.

පිටත සිට බලන පුද්ගලයකුට කිසිදු ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි රහස් කාමරය නිවසේ වහලය මත තනා මෙම ජාවාරම වසර එක හමාරක කාලයක සිට සිදු කරගෙන ගොස් ඇතිබව පොලිස් විමර්ශනවලදී  හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක මෙන්ම වාහන දහයකට අධික ප‍්‍රමාණයක හිමිකරුවෙකු බව පොලිසිය කියයි. 38 හැවිරිදි සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජීව මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 69128 ප‍්‍රභාත් ඇතුළු පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment