නිවසේ විදුලි පද්ධතිය නිසි ලෙස නොතිබීමෙන් දෙක වසරේ සිසුවාට ජීවිතය අහිමි වෙයි

343

අනාරක්ෂිත විදුලි පද්ධතියක් සහිත නිවසක ශීතකරණයෙන් විදුලිසර වැදී හත් හැවිරිදි ශිෂ්‍යයකු මරණයට පත්වීමේ අවාසනාවන්ත සිද්ධියක් දික්වැල්ල පොලිස් වසමේ රත්මලේ ප්‍රදේශයෙන් වාර්ථා වේ. මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන හේවාගමගේ යසිත් නකුල් යශෝධන නමැති රත්මලේ දන්දෙණිය දකුණ ඉරේෂා නිවසේ පදිංචි දරුවකු මෙසේ මරණයට පත්ව ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

ශීතකරණය යටට විසිවී ගිය යම් දෙයක් ගැනීමට බිම දිගාවී ශීතකරණය යටට අත දමන අවස්ථාවේ ශීතකරණයේ යට ඇලුමිනියම් තහඩුවේ ස්පර්ශ වීමෙන් විදුලි සර වැදී ඇති බවට විශ්වාස කෙරේ.

කිසියම් ශබ්දයක් ඇසී දරුවාගේ මාමා කෙනෙකු පැමිණි විට බිම වැටී සිටින දරුවා දැක තිබේ. වහා ප්‍රධාන විදුලි සුවිචය ක්‍රියාවිරහිත කිරීමෙන් පසු දරුවා මාතර මහ රෝහල වෙත රැගෙන යනවිටත් මරුමුවට පත්ව සිට ඇති බව වාර්ථා වේ. පොලිසිය පවසන්නේ පැරණි විදුලි පද්ධතියක් සහිත මෙම නිවසේ විදුලි ආරක්ෂිත සුවිචය පවා ඉවත් කර තිබූ බවයි. දුර්වල හා අනාරක්ෂිත විදුලි පද්ධතියක් සහිත සෑම නිවසකටම මෙම දරුවාගේ හදිසි මරණය කදිම පාඩමක් බව ප්‍රදේශවාසීහු පවසති.
නිමල් හේමසිරි – රදම්පල

advertistmentadvertistment
advertistmentadvertistment