නිව් ඇන්තනීස් ෆාම්සස්, මස් ආහාර නිෂ්පාදන සඳහා කාබනිකව දිරාපත් වන ඇසුරුමක් හඳුන්වා දෙයි

124

ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්, නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම තම නිෂ්පාදන ඇසුරුම් සඳහා සියයට සීක්ම කාබනික ඇසුරුමක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

ඒ ශ‍්‍රී ලංකාව තුළ කාබනිකව දිරාපත් වන නිෂ්පාදන ඇසුරුමක් හඳුන්වා දුන් ප‍්‍රථම මස් ආහාර නිෂ්පාදන සමාගම බවට පත් වෙමිනි.

සමාගමේ හරිතහරි චිකන් නිෂ්පාදනය වෙනුවෙන් නිර්මාණය කෙරුණු මෙම කාබනිකව දිරාපත්වන ඇසුරුම සෑදීමට, සෙලියුලෝස්, ශාක තෙල්, සීනි සහ බටලී භාවිත කර ඇත. මෙම ඇසුරුම ඉතා ඉක්මනින් සහ ආරක්‍ෂිතව දිරාපත් වන බැවින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පත‍්‍රචක‍්‍රීකරණයට සාපේක්‍ෂව මෙය වඩාත් දිගුකාලීන සහ තිරසර විසඳුමකි.

එහිදී පාරිභෝගික අවශ්‍යතාවට ගැලපෙන ආකාරයට සාමාන්‍ය ඇසුරුමක දක්නට ලැබෙන සියලූ ලක්‍ෂන ඇතුළත්, එමෙන්ම ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි හෝ කාබනිකව දිරාපත් වන ආකාරයේ ඇසුරුමක් හඳුන්වාදීමට හැකිවී ඇත.

සියයට සීයක්ම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කළ කාබනිකව දිරාපත්වන ඇසුරුමක් හඳුන්වාදීම, තිරසරභාවය සහ පාරිසරික සංවේදීතාව පිළිබඳ අප සමාගම සතු පුළුල් දැක්මෙහි කොටසක් ලෙස හැඳින්විය හැක. ප‍්‍රධාන පෙළේ පර්යේෂණ ආයතන, විශේෂඥයින් සහ විද්වතුන් සමග එක්ව අපගේ නිෂ්පාදන සඳහා තිරසර ඇසුරුම් නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳ අපගේ පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම අඛණ්ඩව පර්යේෂණ සිදු කරයි යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් ප‍්‍රධාන විධායක නිලධාරි නීල් සුරවීර මහතා ප‍්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment