නිව් ඇන්තනීස් ෆාම්ස් ශ්‍රී ලංකාවේ ශීත කළ ක්‍රිස්පි චිකන් නිෂ්පාදනයේ පෙරමුණ ගනියි

54

සෞඛ්‍ය සම්පන්න සහ පෝෂණීය මාංශමය ආහාර පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කීර්තියක් උසුළන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පුළුල් බෙදාහැරීමේ ක්‍රමෝපායක් සමගින් මෙරට ශීත කළ ක්‍රිස්පි චිකන් වෙළෙඳපොළ තුළ සිට මෙහෙයුම් වර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

Crizzpys සන්නාමය යටතේ වෙළෙඳ පොළට පිවිසෙන මෙම නිෂ්පාදනය, නැවුම් සහ සුරක්ෂිත පෝෂණ සංඝටකවලින් අනූන මෙන්ම, ප්‍රතිඔක්සිකාරකවලින් තොර හරිතහරි චිකන් කාණ්ඩය යටතේ වෙළෙඳ පොළට පිළිගැන්වෙයි. ‘පාරිභෝගිකයන්ගේ කැමැත්ත සහ ගුණාත්මක තත්ත්වයේ ක්ෂණික ආහාර වෙත මාරුවීම ක්‍රමයෙන් සිදුවෙමින් පවතිනවා. එබැවින් අපගේ ශීත කළ චිකන් නිෂ්පාදන අලෙවියේත් ස්ථාවර වර්ධනයක් දැකිය හැකියි’ යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් හි ප්‍රධාන විධායක නිලධාරි නීල් සුරවීර මහතා පැවසීය. විවිධ අභියෝග මධ්‍යයේ වුව ද නිව් ඇන්තනීස් ෆාම්ස් වර්තමාන වාතාවරණය පිළිබඳ ශුභවාදී දැක්මකින් පසුවීම විශේෂත්වයකි. පසුගිය මාස කිහිපය තුළ සමාගම දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, සිය අපනයන ක්‍රමෝපාය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉදිරි සැලසුම් සැකසීමටත්, සිය නිෂ්පාදන සහ සැපයුම් දාම ධාරිතා නැංවීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමටත් කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment