නිව් ඇන්තනීස් ෆාම්ස් ශ‍්‍රී ලංකාදව් පළමු කාබන් විමෝචන සහතික ලත් සත්ත්ව පාලන සමාගම බවට පත්වෙයි

98

නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ සභාපති/ සහ නිර්මාතෘ එමිල් ස්ටැන්ලි (වමේ) සහ ප‍්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර (දකුණේ) යන මහත්වරු

මෙරට සත්ත්ව පාලන ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමුඛතම සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම අනුගමනය කරන ගෝලීය පිළිගැනීමක් ඇති තිරසාර භාවිතාවන් අගයමින්, ISO 140643-2006 ප‍්‍රමිතීන්ට අනුකූල, හරිතාගාර වායු සහතිකයක් නිකුත් කිරීමට නෙදර්ලන්තයේ Control Union Certifications ආයතනය පසුගියදා පියවර ගත්තේය.

මේ සමග, හරිතාගාර වායු විමෝචන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව තුළ සහතික ලත් පළමු සහ එකම සත්ත්ව පාලන සමාගම බවට පත්වීමට නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම සමත්විය.

නිව් ඇන්තනීස් ෆාම්ස් යනු සිය සමස්ත සැපයුම් දාමය තුළ හරිතාගාර වායු විමෝචනය කිරීම පිළිබඳ වැඩි අවධානයකින් ක‍්‍රියාකරන සමාගමකි. මෙසේ කාබන් විමෝචනය අවම කිරීමේදී, බලශක්ති පිරිමැස්ම, වගකීම් සහගත ලෙස කසළ බැහැරකිරීම, සූර්ය බලශක්ති භාවිතය, ස්වංයක‍්‍රීයකරණය තුළින් කඩාදාසි භාවිතය අවම කිරීම ආදී පියවර රැසක් අනුගමනය කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment