නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම ඉලක්කගත අපනයන වර්ධන ක‍්‍රවමෝපායක් දියත් කරයි

68

සෞඛ්‍ය සම්පන්න රටක් වෙනුවෙන් තිරසාර ප‍්‍රජනන සහ නිෂ්පාදන ක‍්‍රමවේද අනුගමනය කරන ප‍්‍රකට සහ විශ්වාසනීය සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, මෙරට ප‍්‍රමුඛතම මස් ආහාර අපනයනකරුවෙකු ලෙස සිය වෙළෙඳපොළ ස්ථාවරත්වය වර්ධ්ධනය කිරීමට ගෙන ඇති ක‍්‍රවමෝපායික සැලසුම් පසුගියදා නිවේදනය කරන ලදී.

වර්තමාන වසංගත සමය හමුවේ මතුව ඇති විවිධ්ධ අභියෝග මධ්‍යයේ වුවද, ප‍්‍රධ්ධාන අපනයන වෙළෙඳපොළ රැසක් සමග සබඳතා දියුණු කරගනිමින්, රටට විදෙස් විනිමය උපයා දීමට මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තුළ මෙරට මස් ආහාර නිෂ්පාදන අංශය ඉහළට ඔසවා තැබීමටද සමාගමට හැකිවිය.

2021/22 වර්ෂය තුළ නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ සමස්ත අපනයන ආදායම් ඉලක්කය අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වන අතර, වසරේ මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියනයක අපනයන ආදායමක් ළඟා කරගැනීමට සමාගම සමත්ව තිවේ. සමාගම තම අපනයන කටයුතු සිදුකරනුයේ ඇන්තනීස් (Anthoneyzs) සහ නොබයොටික් චිකන් (NoBiotic Chicken) යන ස්වකීය වෙළඳනාම මගිනි.

advertistmentadvertistment
advertistmentadvertistment