නිව් ඇන්තනීස් ෆාම්ස් Anthoney’s Meatlery නමින්  මස් ආහාර සඳහාම වෙන්වුණු සුපිරි වෙළෙඳසැලක් හඳුන්වා දෙයි

162

ශ්‍රී ලංකාවේ මස් ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, සිය ව්‍යාප්තකරණ ක්‍රමෝපාය අනුව Anthoney’s Meatlery නමින් නවතම අලෙවි ජාලයක් පසුගියදා ආරම්භ කළේ එහි සිය පළමු අලෙවිසල බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදී ආරම්භ කරමිනි. නිව් ඇන්තනීස් හඳුන්වාදීමට නියමිත නවමු ව්‍යාපෘති රාශියක් අතුරින් එකක් වන, Anthoney’s Meatlery හි අරමුණ වන්නේ වඩාත් ඉඩකඩ සහිත මස් ආහාර සඳහාම වෙන්වූ නවීන සුපිරි වෙළෙඳසල් සංකල්පයක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දීමයි.

 අපගේ සියලු නිෂ්පාදන මෙවැනි උසස් මට්ටමේ වෙළෙඳසැලක් හරහා, පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් හිමිවන අයුරින් පිළිගැන්වීමට හැකිවීම අපට විශාල සතුටක්. මෙය අප සමාගමට දේශීයව ඉතාමත් විශේෂ සන්ධිස්ථානයක් වන අතරම, ඉදිරියේ රටපුරා Anthoney’s Meatlery වෙළෙඳසල් පිහිටුවීමටත් අපි බලාපොරොත්තු වෙනවා යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment