නිව් ඇන්තනීස් ෆාම්ස්, Dorakadapaliya අන්තර්ජාල සේවාව ඔස්සේ නිවසටම නැවුම් කුකුල් මස් සැපයීමේ සේවාවක් අරඹයි

277

ශ‍්‍රී ලංකාවේ මස් ආහාර ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින් තම Dorakadapaliya ඉ-වාණිජ්‍ය සේවාව ඔස්සේ උසස් තත්ත්වයෙන්යුත් කුකුල් මස් නිවසේ සිටම ඇණවුම් කර ලබාගැනීමේ දීප ව්‍යාප්ත පාරිභෝගික සේවාවක් දියත් කර තිබේ.

මේ අනුව Dorakadapaliya ඉ-වාණිජ්‍ය සේවාව හරහා ප‍්‍රනීත කුකුල් මස් නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවන අතර මස් ආහාර සඳහාම වෙන්වූ එවැනි සේවාවක් ශ‍්‍රී ලංකාව තුළ දියත් කෙරුණු ප‍්‍රථම අවස්ථාව මෙය වීමද කැපී පෙනෙයි.

නිව් ඇන්තනීස් ෆාම්ස් හඳුන්වාද ඇති පාරිභෝගික විශ්වාසය දිනාගත් හරිතහරි කුකුල් මස් නිෂ්පාදන පෙළ ඇතුළු විවිධ පරාසයක නිෂ්පාදන පෙළක් මෙම සේවාව ඔස්සේ මිලදී ගැනීමේ පහසුම ෂලසා තිබේ. Dorakadapaliya සේවාව මගින් කුකුල් මස් ගෙන්වා ගැනීමේදී ප‍්‍රවාහන ගාස්තු කිසිවක් අය නොකිරීමද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment