නිවැරදිව කටයුතු කරනවා නම් ජනාධිපතිට  අපි හැමදෙනාගේම සහයෝගය ලැබෙනවා

147

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ

වත්මන් ජනාධිපතිතුමා නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් ජනමතයට කන්දී ගෞරවණීය විදියට දෙන උපදෙස් පිළි අරගෙන ගෞරවණීය විදියට, සාධාරණව කටයුතු කරනව නම් රනිල් වික්‍රමසිංහ මහතාට අපි හැමදෙනාගේම සහයෝගය කිසිම සැකයක් නැතිව ලැබෙනවාමයි. නිවැරදි වෙන්න. නිවැරදි වුණ තරමට තමයි ඔබට ආශිර්වාද ලැබෙන්නේ යැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කීහ.

ඇඹිලිපිටිය බෝදිරාජ ධර්මායතනයේ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පලකරන ලදී. වැඩිදුරටත් අදහස් දක්වමින් ඕමල්පේ හිමියන් කියා සිටියේ,

අරයත් එපා. මෙයත් එපා. කවුරුත් එපා කියන ප්‍රතිපත්තියේ අපි නැහැ. අපි එපා කියන්නේ වැරදි. වැරදි එපා. වරද කාරයෝ එපා. නිවැරද්ද සහ නිවැරදිකරුවන් ඉදිරියට එන්න. අපි ඉතාමත්ම සතුටින් ආශිර්වාද පූර්වකව බාරගන්න කැමතියි. රටේ ජනතාවගේ පැතුම ඒක. කරුණාකරල ජනාධිපතිතුමාට කියනවා මේ රටේ මෑතකදී සිදු වූ සියලු සිදුවීම් හිතට අරගෙන පැරණි ක්‍රමය වෙනස් කරල නිසි ලෙස සාධාරණ ලෙස ධාර්මික ලෙස කාටත් පෙනී යන ආකාරයට කාටත් පැහැදිලි වන ආකාරයෙන් නිවැරදිව කටයුතු කරන්න. එහෙම කරනව නම් අපේ සම්පූර්ණ ආශිර්වාදය සහයෝගය අපි පල කරනව.

අපිට අවශ්‍ය කරන්නේ පුද්ගලයා කවරෙක්ද කියන දේ නෙවෙයි. ඔහු කරන්නේ කුමක්ද යන්නයි. ඔබ රනිල් විකුමසිංහද, ගෝඨාභය රාජපක්ෂද, මහින්ද රාජපක්ෂද, එහෙම නැත්නම් වෙන කෙනෙක්ද, අපිට පුද්ගලයා නෙවෙයි වැදගත් වන්නේ. ක්‍රියාකාරිත්වයයි.

ඕමල්පේ ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment