නිවැරදිව දත් මදින හැටි

1243

දත් මැදීම කියන එක අප කොයිකාටත් හුරුපුරුදු දෙයකි. දිනපතා උදේ සවස සිදුකරන දත් මැදීමට දෙමාපියන් දරුවන් හුරුකරන්නෙ වයස අවුරුදු 03 පමණ වනවිටදීය.

 එතැන් පටන් දත් මදින්න හුරුවන අපට කවුරුත් අමුතුවෙන් දත් මදින හැටි කියා දෙන්න අවශ්‍ය නැහැ කියා තමයි අප බොහෝවිට සිතන්නෙ.

 ඒත් දන්නවද අප බොහෝ දෙනෙක් දිනපතා දත් මදින්නේ නිවැරදි ක‍්‍රමයට නොවන බව.

 එහෙනම් මේ පුංචි උපදෙස් ටික හිතට ගන්න. එවිට දත් මදින්නේ නිවැරදිවද නැතිද කියා අවබෝධ කරගත හැකියි.

 දත් මැදිය යුතු කාලය දිනපතා උදේ සවස දත් මැදීමේදී විශේෂ ආබාධ හෝ වෙනත් විශේෂ මුඛය සම්බන්ධ රෝග නොමැති අය විනාඩි 2 ත් 3 ත් අතර කාලයක් දත්මැදීම ප‍්‍රමාණවත්ය.

 වැඩ කරන ගමන් දත්මැදීම, බුරුසුව කටේ ගසාගෙන ඇවිද ඇවිද වැඩි වේලාවක් දත්මැදීම සුදුසු නැහැ. එවිට අනවශ්‍ය ලෙස දත් ගෙවීමක් සිදුවිය හැකියි.

 දත්මදින ආකාරය

 බොහෝ දෙනෙක් දත් මදින්නේ ඉදිරියට සහ පිටුපසටය. නමුත් නිවැරදිව දත්මැදීමේදී දතේ ඉහළට සහ පහළට මැදිය යුතුයි. ඉතා තදින් දත් මැදීම නොකළ යුතුය. ඉන් විදුරුමස් වලට හානි ඇතිවේ.

 දන්තාලේප භාවිතය

 දන්තාලේප කියන්නේ දත් මැදීමට පහසු කරවන සහ ඒ සඳහා රුචිකත්වයක් ඇති කරන ද්‍රව්‍යයකි. එනිසා කුඩා කඩල ඇටයක තරම් ප‍්‍රමාණයක් දත් බෙහෙත් දත් බුරුසුවට එක්කර ගෙන දත්මැදීම ප‍්‍රමාණවත්ය.

 රළු දේ යොදා දත් මැදීම

 බුලත් කහට යන්න කියා ඇතැම් දෙනා නොයෙකුත් කුඩු වර්ග භාවිත කර දත්මැදීමට හුරුව සිටිනවා. ඉන් දතේ එනමලයට හානි සිදුවේ. එනිසා රළු දේ යොදා දත් මැදීම නොකළ යුතුයි.

 වැරදි අයුරින් දත් මැදීම හඳුනා ගැනීම

 දත්වල මතුපිට කාණුවක් වැනි කුඩා කොටස් ඇතිවේ.

 එය නිය පොත්තෙන් වැනි දෙයක් ඇතුල් කළ විට හිරිවැටේ.

 දතේ දිලිසෙන නියම හැඩය නැතිවේ.

 දතේ මුල කොටස බොර පැහැය හෝ කළු පැහැය වී තිබේ.

 ඇඹුල් දෙයක්, රස්නයට, සීතලට යමක් ආහාරයට

 ගන්නාවිට දත් හිරිවැටේ.

 දන්ත වෛද්‍ය උපදෙස් ඇසුරිනි.

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment