නිවැරදි දේ කිරීමට රටේ සියලු ම දෙනාට අමතක වෙලා – කාදිනල්තුමා

87

අද උදාවී තිබෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පමණක් නොව සදාචාරත්මක වශයෙන් පවා බිඳවැටී තිබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඉහළ ම පුරවැසියා සිට පහළ ම පුද්ගලයා දක්වා අය ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සහ දරන බව ද කාදිනල්තුමා සඳහන් කළේය.

මුදලට තිබෙන කෑදරකම බලයට ඇති පිපාසය තුළින් මුළු සමාජය ම දූෂණයටය ලක්වී තිබෙන බවද කාදිනල්තුමා සඳහන් කළේ.

නිවැරදි දේ කිරීමට රටේ සියලු දෙනාට ම අමතකවී ඇතැයි ද කී කාදිනල්තුමා යුක්තිය සාධාරණය ඔවුන් තුළින් ගිලිහි ගොස් ඇතැයි ද පැවසීය.

බත්තරමුල්ලේ ශාන්ත නිකලස් ජාත්‍යන්තර විදුහලේ තෑගි ප්‍රදානය කිරීමේ උත්සවය අමතා කාදිනල්තුමා එසේ කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment