නිවිති කියා තණකොළ කාලා – හත්වලාමයි

250

තාරුෂ විවාහ වූයේ ඊයේ පෙරේදාය. අලූත් මනාලියත් සමඟ මහගෙදර ජීවත්වන්නට පටන් ගත්තා පමණි. ඔවුන් දෙදෙනාට නිදහසේ ජීවත් වන්නට ඉඩහැර මවත්, පියාත් ඒ ගමේම ඔවුනට අයත් වෙනත් කුඩා නිවසක පදිංචියට ගියේ දුරදිග සිතීමෙන් පසුවය.

 ‘‘පවනි… මෙන්න මේ නිවිති වර්ගය හරිම රසයි. අපේ අම්මා සතියකට සැරයක් මේවා මලෝලා කන්න දෙනවා’’ තරුෂ මිදුලේ හරි අගේට වැවිල තිබුණ ඒ නිවිති වර්ගය කඩන ගමන් එහෙම කිව්වේ ඇයත් වැඬේට හවුල් කර ගනිමිනි.

 ‘‘මම නම් කවදාවත් මේවා කාලා නෑ. අම්ම පොළට ගිහිල්ලා ගේන නිවිති ඇරෙන්න’’ ඇය කීවේ ඇත්තකි.

 ‘‘ඉන්නකො මම මේවා ටික කඩලා තෝරලා දෙන්නම්. පොල් ටිකක් දාලා ඔයා ඕක මලවල ගන්නකො’’ ඔහු කීවේ තම ගෙවත්තේ එළවළු, පලතුරු අඩුනැති බව අලූත් මනාලියට ඒත්තු ගන්වමිනි.

 ‘‘දවල් බත් පතට කොළ මැල්ලූමද සැකසිනි.’’

 ‘‘තරුෂ මැල්ලූම කාගෙන කාගෙන ගියේ හරිම රසයි කියමිනි.’’ කෑම කා අතගත් සැනින් ඒ ගමේම වෙනත් නිවසක පදිංචි මවද මහගෙදරට ආවේ අලූත් දරු පවුලේ සැපදුක සොයන්නටය. මොනවද පුතේ දවල්ට කෑවේ මව විමසුවාය. මැල්ලූම ගැනද සඳහන් කෙරිණි.

 ‘‘පුතේ ඔය මිදුලේ තියෙන ඒවා නිවිති වර්ගයක් නෙවෙයි. ඒ තණකොළ වර්ගයක්නෙ.’’

 ‘‘අම්ම ඕවා මලවල දෙනවා කියලා මෙයා කිව්ව නිසයි මම හදලා දුන්නෙ’’ අලූත් ලේලි එහෙම කීවේ මෙච්චර කල් මෙයාට අම්මා කවලා තියෙන්නෙ තණකොළ යැයි සිතමිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment