නිවුන් අලි සුරතල් පෙන්නන්න පින්නවල දැන් සූදානම්

509

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි සුරතල් නැරඹීමට දැන් අවකාශය සලසා දී ඇතැයි ජාතික සත්වෝiාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ‘‘දිවයින’’ට පැවසුවාය.

ඒ අනුව දිනපතා පෙරවරු 10.15 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ මහජනතාවට එම නිවුන් අලි සුරතල් නැරඹිය හැකි බවද ඇය සඳහන් කළාය. 2021 අගෝස්තු 31 වැනිදා පින්නවල අලි අනාථාගාරය තුළ ප‍්‍රථම අලි නිවුන් දරු උපත සිදුවිය. එහිදී ‘‘සුරංගි’’ නමැති කෙනර විසින් මෙලෙස නිවුන් අලි පැටවුන් බිහිකරනු ලැබූවාය. මාස තුනක් වයසැති මෙම නිවුන් අලි පැටවුන්ගේ

සුරතල් නැරඹීමට පැමිණෙන්නැයිද ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළාය. මෙම අලි අනාථාගාරය තුළ තවන් අලි පැටවෙක් සිටියි. මෙම අලි පැටවා 2021 නොවැම්බර් 10 වැනිදා අලූයම ‘‘රැජින’’ නමැති කෙනර විසින් බිහි කරනු ලැබූවාය. මේ වනවිට පින්නවල අලි අනාථාගාරය තුළ අලි 76 දෙනෙකු වාසය කරන බවත්, ඔවුන් සියලූ දෙනාට ආහාර පාන සියල්ලම ලබා දෙමින් ඉතා ආදරයෙන් රැකබලා ගන්නා බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment