නිවෙස්වලම ප‍්‍රතිකාර ගන්න කොවිඩ් රෝගීන් ගණන 6051 දක්වා ඉහලට

90

කොවිඩ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදය යටතේ ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ ගණන 6051 දක්වා ඉහළ නැග ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොවිඞ් රෝගීන් සඳහා වූ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ ප‍්‍රධානී පවුල් විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ‘‘දිවයින’’ ට ඊයේ (04 දා) පැවසූවාය.

පෙරේදා (03 දා) පමණක් එම රෝගීන් 307 දෙනකු ලියාපදිංචි වී ඇතැයිද ඇය කියා සිටියාය.

‘‘ඔමික්‍රෝන්’’ ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිරයෑමත් සම`ග කොවිඞ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදයට ඇතුළත් වන රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහල යෑමක් දක්නට ඇතැයිද ඇය සඳහන් කළාය.

පසුගිය ජනවාරි 17 වැනිදාට පෙර කොවිඞ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ සක‍්‍රියව සිටි

රෝගීන් ගණන 1000ක ප‍්‍රමාණයක් වුවත්, ඉන්පසු දිනපතා කොවිඞ් රෝගීන් මෙම ප‍්‍රතිකාර ක‍්‍රමවේදයට ඇතුළත් වීම වැඩි වූ බවද ඇය කියා සිටියාය.

කොවිඞ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදය ආරම්භ වූ 2021 ජුනි 07 වැනිදා සිට මේ දක්වා කාලයේදී මෙම ප‍්‍රතිකාර ක‍්‍රමවේදයට කොවිඞ් රෝගීන් එක්ලක්‍ෂ හතළිස් හතර දහස් නවසිය හැටහය දෙනෙකු ඇතුළත් වී ඇති බවත්, ඉන් මේ වන විට එක්ලක්‍ෂ තිස්පන් දහස් අටසිය පනස්හය දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවත් ඇය සඳහන් කළාය.

කොවිඞ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදය තුළ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය වූ 2203 දෙනකු රෝහල්ගත කර ඇතැයිද ඇය කියා සිටියාය.

කොවිඞ් ආසාදිතව අපහසු තත්ත්වයක් නොමැති නම් එවැනි රෝගීන්ට 1390 යන ක්‍ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාදී නිවෙස්ගත කොවිඞ් ප‍්‍රතිකාර ක‍්‍රමවේදයට ඇතුළත් විය හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment