නිවෙස්වලම ප‍්‍රතිකාර ගන්න කොවිඩ් රෝගීන් ගණන 6600 පැනලා – විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන

201

කොවිඞ් නිවෙස්ගත ප‍්‍රතිකාර ඒකකයේ මේ වන විට සක‍්‍රිය රෝගීන් ගණන 6600කට අධික බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොවිඞ් රෝගීන් සඳහා වූ ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රධානී, පවුල් විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ‘‘දිවයින’’ ට ඊයේ (28 දා) පැවසූවාය.

මීට සති තුනකට උඩදී මෙම ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියේ කොවිඞ් රෝගීන් 1500ක පිරිසක් බවද ඇය සඳහන් කළාය.

එහෙත් පසුගිය 17 වැනිදා සිට මේ දක්වා දිනකට මෙම කොවිඞ් නිවෙස්ගත ප‍්‍රතිකාර ඒකකයට රෝගීන් 700 ඉක්මවා ඇතුළත් වන බවද ඇය කියා සිටියාය.

මෙම ප‍්‍රතිකාර ඒකකය තුළ මෙතෙක් ඇතුළත්ව සිටින වැඩිම සක‍්‍රිය රෝගීන් සංඛ්‍යාව (6600) මෙය බවද ඇය සඳහන් කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment