නිවෙස් ප‍්‍රතිකාරවලට දිනකට කොවිඩ් රෝගීහු 200 බැගින් එක්වෙති

106

ගතවූ දින කිහිපයේදී නිවෙස් ගත කොවිඞ් ප‍්‍රතිකාර ක‍්‍රම සඳහා දිනකට කොවිඞ් රෝගීන් 200 දෙනකු ඉක්මවා ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොවිඞ් රෝගීන් සඳහා වූ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ ප‍්‍රධානි පවුල් විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ‘දිවයින’ ට ඊයේ (23 වැනිදා) පැවසුවාය.

පසුගිය 17 වැනිදා සිට කොවිඞ් රෝගීන්ගේ ශීීඝ‍්‍ර වර්ධනයක් පැහැදිලිවම දක්නට ඇතැයි ද ඇය සඳහන් කළාය.

මේ වනවිට කොවිඞ් රෝගීන් 3400 ක් නිවෙස්ගතව හිඳ ප‍්‍රතිකාර ලබන බවද ඇය කියා සිටියාය.

නිවෙස්ගත කොවිඞ් ප‍්‍රතිකාර ක‍්‍රමයට ඇතුළත්වීම සඳහා 1390 ට අමතන්නැයිද ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

මෙහිදී තවදුරටත් කථා කළ පවුල් විද්‍යා විශේෂඥ මල්කාන්ති ගල්හේන මහත්මිය මෙසේද කියා සිටියාය.

පසුගිය දීර්ඝ නිවාඩු සමයේ ජනතාවගේ හැසිරීම අන්තිමයි. එහි ප‍්‍රතිඵලය හරියටම තව සති දෙකක් ඇතුළත බලාගන්න පුළුවන්. සෞඛ්‍ය අංශ කොපමණ කියනවද අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා කියලා. නමුත් ඒ කියන දේවල් ගණනකටත් ගන්නේ නැහැ. ඒකෙ ඵලවිපාක ඉදිරියේදී හැමෝටම විඳින්න වේවි. මේ යන විදියට ඉදිරියේදී ලොකු ඔමික්‍රෝම් රැුල්ලක් එනවා. ජනතාව මීට වඩා වගකීමෙන් හැසිරෙන්න ඕනෑ.

අනිත් එක හැක ිතරම් විජලනය වළක්වා ගැනීමට දියර ලීටර් දෙකක් පානය කරන්න. විටමින් ඛනිජ ලවණ බහුල ආහාර ගැනීම ඉතා වැදගත්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment