නිවේදක ක‍්‍රිස් රොක්ට පහරදීම නිසා විල් ස්මිත්ට ඔස්කාර් සම්මානය අහිමි වෙයි?

847

ඔස්කාර් සංවිධායක කමිටුව පරීක්‍ෂණ අරඹයි

ලෝ පූජිත ඔස්කාර් සම්මාන උළෙලේ දී නිවේදක ක‍්‍රිස් රොක්ට කම්මුල් පහරක් ගැසීමේ චෝදනා මත නළු විල් ස්මිත්ට සිය ඔස්කාර් සම්මානය අහිමි වීමට ඉඩ ඇතැයි වාර්තා වේ. මේ සිද්ධිය ගැන ඔස්කාර් විමර්ශන කමිටුව නිරීක්‍ෂණයට ලක් කර ඇත. මෙම පහර දීමේ සිද්ධියෙන් පසු ඔස්කාර් සංවිධායක මණ්ඩලය විල් ස්මිත්ව සම්මාන උත්සවයෙන් ඉවත් කිරීම ගැන සාකච්ඡා කර තිබේ.

කැලිෆෝනියා නීතිය අනුව විල් ස්මිත්ව එරෙහිව ක‍්‍රියා කළ හැකිය. එහෙත් නිවේදක ක‍්‍රිස් රොක් නළු විල් ස්මිත්ට එරෙහිව පොලිසියට පැමිණිලි කර නැත. එසේ වුවත් පසුව ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වුවොත් විමර්ශනයක කරන බව පොලිසිය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment