නිශාන් සහ ලසිත් කෙන්ට් පන්දු යවන්නෝ මෙල්ල කරති

350

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රියාත්මක සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (08 වැනිදා) දිනයේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන විටදී තරගයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වී සිටියහ. ඒ සිය පළමු ඉනිමට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 338ක් රැස් කරගනිමිනි.

මුළු ලකුණු 14දී ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙසින් ලකුණු 8ක් ලබා සිටි නායක නිපුන් ධනංජය පිටියෙන් ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ වගකීම කරට ගත් ලසිත් කෲස්පුල්ලේ සහ නිශාන් මදුසංක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 294ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්විය. ඒ අනුව දිවා භෝජනයට මිනිත්තු කිහිපයකට පෙර පන්දුවට පහරදෙමින් සිටි ලසිත් කෲස්පුලේ ලකුණු 136 ක් ලබා සිටියදී දැවී ගිය අතර නිශාන් මදුසංක නොදැවී ලකුණු 166 ක් ලබාගනිමින් පන්දුවට පහර දෙමින් සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ කෙන්ට් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 595ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. කෙන්ට් ඉනිමේ ශතක 3ක් වාර්තා වූ අතර එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩැරන් ස්ටීවන් පන්දු 142කදී ලකුණු 168ක් රැස් කිරීම කැපී පෙනිණි. ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 24ක් ඇතුළත් විය.

ජෝර්ජ් ලින්ඩේ ලකුණු 107ක් සහ බිලී මේඩ් ලකුණු 106කින් කෙන්ට් ඉනිම සැරසුවේය. හරී පොඩ්මෝ ලකුණු 56ක් රැස් කළේය.

උදිත් මදුශාන්, යසිරු

රුද්‍රිගෝ සහ ධනංජය ලක්ෂාන් කේන්ට් පළමු ඉනිමේ කඩුලු 2 බැගින් බිඳ දැමීය.

ලකුණු සටහන

කෙන්ට් පළමු ඉනිම 595/8

ශ්‍රී ලංකා පළමු ඉනිම (දිවා භෝජනය වනවිටදී) 338/2

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment