නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල සීයට සීයකින් නැගලා… බිත්තර මිල ඉහළ දැමීම හැර විකල්පයක් නෑ….

265

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල නොසිතූ ලෙස ඉහළයෑම නිසා කනගාටුවෙන් වුවද බිත්තර මිල සුළු ප‍්‍රමාණයකින් හෝ ඉහළ දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

බිත්තර මිල හදිසියේ ඉහළ යෑම පිළිබඳව හේතු විමසීමේදී මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් කරමින් එ් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘අපි සත්ව ආහාර සඳහා සියයට 45ක් යොදන බඩඉරිගුවල මිල රුපියල් සියයක් දක්වා ඉහළ ගිහින්. පොඩි ගොවියට කොහොමවත් හොයාගන්න බඩ ඉරිගු නැහැ. ඒ වගේමයි සියයට 20ක් පමණ භාවිත කරන සෝයා අද වෙනකොට රුපියල් සියයකින් ගණන් ගිහින්. අද සෝයා කිලෝවක් රුපියල් එකසිය අසූව පැනලා. ඞීසීපී රුපියල් 85 සිට දෙසිය පනහක් දක්වා මිල ගිහින්.

අපි ගන්න අමුද්‍රව්‍ය සියයට 60 කට වඩා ආනයනය කරන දේවල්. එම සියලූම අමුද්‍රව්‍ය මිල සියයට සියයකින් ගණන්

ගිහින්. ලංකාවෙන් ගන්න රයිස්පොලිශ් ආදියත් ගණන් ගිහින්. බිත්තර මිල පහළ යවන්න නම් මූලිකව බඩඉරි`ගු ටිකත් කඩිනමින් ගෙන්නලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ.

බිත්තරයක් නිෂ්පාදනය කරන්න විතරක් රුපියල් 18ක් පමණ වැයවෙනවා. එච්චර පීඩනයක් දරාගෙන අපි පාරිභෝගිකයාගෙ අතට රුපියල් 21ක් 22ක් වගේ වෙද්දි බිත්තරයක් යවනවා. හැබැයි මේ බිත්තර මිල තව ඉදිරියට යන එක නවත්වන්න බැරිවෙයි. සතිපතා ශත පනහකින් හෝ බිත්තරයක නිෂ්පාදන පිරිවැය වැඩිවෙලා. රටේ දෛනික බිත්තර පරිභෝජනය ලක්‍ෂ 80ක් පමණ. ඒකෙන් ලක්‍ෂ 65ක් පමණ නිපදවන්නෙ වයඹ අපි. ඒ හරහා අපේ ගොවියො රැකියා අවස්ථා ලක්‍ෂ 4ක් පමණ උත්පාදනය කරදී තියෙනවා. මේ කර්මාන්තය වැටුණොත් වයඹට ඒක බලපානවා.

බිත්තරයක් නිෂ්පාදනය කරන්නෙ ලොකු වැයක් දරලා. ගොවියො තම ගොවිපළවල් ඉදිකරන්න විශාල මුදලක් යොදවලා නිසා කරන්න දෙයක් නැතිව විවිධ බාධක මැද කරගන ගියාට මේ වනවිටත් සියයට 20කට වඩා ගොවියො මේ කර්මාන්තය අතඇරලා තියෙන්නෙ ඉඩම් පවා විකුණා දමමින්.

අද අපේ ගොවියො කෝටි 15කට වැඩියෙන් බැංකුවලට ණයයි. විශාල ග‍්‍රාමීය කර්මාන්තයක් ගිලිහිලා යන එක මේ වනවිට නවතාලන්නට හැකියාව තියෙන්නෙ ගෝඨාභය ජනපතිතුමාටයි අගමැති තුමාටයි. අපි බැගෑපත්ව ඉල්ලනවා බිත්තර නිෂ්පාදන වියදම අවම කරගන්න අපිට උදවු කරන්න කියලා.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment