නිහඬ සමාජ සත්කාර රැසක් ඉටුකරන කටුබැද්දේ පිහිටි ‘පින්සාර භූමිය’

502

ජාත්‍යන්තර කීර්තියට පත් තේ අපනයන සමාගමක්වන ඩිල්මා ආයතනය යනු ආයතනික සමාජ වගකීම් ඉටුකිරීම පිණිස බෙහෙවින් අවධානය යොමු කරනු ලබන ආයතනයක්ය. M.J.F. පුණ්‍ය පදනම ආරම්භ වන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. රට පුරා පිහිටි එවැනි මධ්‍යස්ථාන 14 ක් හරහා එම කටයුතු දැනට සාර්ථකව සිදු කරමින් ඇත. M.J.F. පුණ්‍ය පදනමේ ප‍්‍රධාන මධ්‍යස්ථාන දෙක පිහිටා ඇත්තේ කල්කුඩා සහ මොරටුව කටුබැද්ද කේන්ද්‍රකර ගනිමින්ය. කුඩා දරුවන්, කාන්තාවන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුබ සිද්ධිය පිණිස ද දැවැන්ත වැඩ කොටසක් සිදු කරන එම පුණ්‍ය පදනමේ ප‍්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ ස්වඋත්සාහයෙන් නැඟී සිටිය හැකි ශ‍්‍රී ලංකික පුරවැසියන් නිර්මාණය කිරීමය.

ප‍්‍රසිද්ධියකින් තොරව සිදු කරනු ලබන එම සමාජ සත්කාරයන් පිළිබඳව සොයා බැලීම, දැකබලා ගැනීම පිණිස මොරටුව කටුබැද්ද අංක 340 පිහිටි M.J.F. පුණ්‍ය පදනමේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමේ අවස්ථාවක් පසුගිය දිනක උදාවිය. එහි ළඟාවූ අපට අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව එම ස්ථානයට ඇතුළුවීමේ අවසරය හිමිවිය. මේ දිනවල පවතින කොවිඞ් වසංගතය හේතුවෙන් අමුත්තන්ගේ ගමන සීමාකර ඇත. එබැවින් යම් අපහසුතාවකට පත්වූවා නම් ඒ පිළිබඳව කනගාටුවන බව පැවසීමට තරම් ස්ථාන භාර ආරක්ෂක අංශ කාරුණික විය.

නිහඬ සමාජ සත්කාර රැසක් ඉටුකරන කටුබැද්දේ පිහිටි 'පින්සාර භූමිය'

ගාලූ පාරට මුහුණලා පිහිටි ප‍්‍රධාන දොරටුවෙන් එම ස්ථානයට පිවිසීමත් සමග ඇස ගැටෙන්නට වූයේ මනරම් වටපිටාවක්ය. පුණ්‍ය පදනම පිහිටි භූමියත් එහි වටපිටාවත් දුටු සැණින් ඕනෑම කෙනකුගේ ගත වෙහෙස, මානසික පීඩනය නිවී යන සුළුය.

බෙහෙවින් ජනාකීර්ණත්වයට පත්ව ඇති මොරටුව කටුබැද්ද ගාලූ පාරට මුහුණලා එවැනි පරිසර පද්ධතියක් තවමත් නිරුපද්‍රිතව පැවැතීම අගය කළ යුතුය. එහි ගෞරවය M.J.F. පුණ්‍ය පදනම වෙත හිමිවිය යුතුය. හරිත පරිසරයක් පවත්වාගෙන යෑම සිය මූලික අරමුණ බවට පත්කරගෙන සිටින ඩිල්මා ‘හරිත සංකල්පය’ කොතරම් සාර්ථක දැයි දැක බලා ගැනීම පිණිස කටුබැද්ද පිහිටි M.J.F. පුණ්‍ය පදනම පිහිටි වටපිටාව කදිම සාක්ෂියක් බවට පත්කොට ඇත.

පිළිවෙළ සහ පිරිසිදුකම එම ස්ථානය පුරා නිරන්තරයෙන් දැකගත හැක. පුණ්‍ය පදනම වෙත ප‍්‍රවේශ වීමේදී ඇස ගැටෙන්නේ ‘මෙය ශුන්‍ය අපද්‍රව්‍ය කලාපයකි’ යනුවෙන් සඳහන් දැන්වීම් පුවරුවකි. එම දැක්මට අනුව කටයුතු කරමින් ප‍්‍රතික්ෂේප කිරීම, භාවිතය අවම කිරීම, නැවත භාවිතය, වෙනත් කාරණයක් සඳහා භාවිත කිරීම සහ අවසානයේ ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම යන කි‍්‍රයාවලිය යටතේ මනා පරිසර පද්ධතියක් පවත්වාගෙන යන අයුරක් එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අපට එහිදී නිරන්තරයෙන් දැකබලා ගැනීමට ලැබුණ දසුනක්ය.

M.J.F. පුණ්‍ය පදනම පිහිටි වටපිටාව කොතරම් හිතකර දැයි පැවසීම පිණිස තවත් උදාහරණයක් නම් එහි පිහිටි සමනල උයනය. එම පරිසර පද්ධතිය තුළ මෙරටට ආවේණික සමනල වර්ග 59 ක් දැකබලා ගත හැක. සමනල උයන පිහිටි භූමියට මදක් එපිටින් මෙරටට ආවේණික දුර්ලභ ශාක වර්ග පිහිටි වන උයනකි. ඒ ආශි‍්‍රතව මද වේලාවක් ගැවසීම යනු නාගරීකරණයෙන් බැහැරව වනගත වීමක් බඳුය. දැනෙමින් පවතින්නේ සිතට සැහැල්ලූව උපදවන සුළු හැඟමකි.

M.J.F. පුණ්‍ය පදනමේ මධ්‍යස්ථාන කළමනාකාරිණිය වශයෙන් කටයුතු කරනු ලබන්නේ රෙහානා වීරසිංහ මහත්මිය විසින්ය. ආයතනික ව්‍යුහය සහ ඒ හරහා සිදුවෙමින් පවතින සමාජ සත්කාරයන් පිළිබඳව ඇයගෙන් සිදු කළ විමසීමකදී කළමනාකාරිණිය විසින් සඳහන්කර සිටියේ ඩිල්මා කළමනාකාරීත්වයේ අධීක්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක M.J.F. පුණ්‍ය පදනම යනු මානව සමාජ සුබසාධන පිණිස පිහිටුවාගත් ආයතනයක් බවත් ඩිල්මා කළමනාකාරීත්වය විසින් වෙන් කරන අරමුදල් යටතේ M.J.F. පුණ්‍ය පදනම කි‍්‍රයාත්මක වන බවත්ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කළමනාකාරවරිය,

M.J.F. Charitable Foundation එහෙමත් නැත්නම් M.J.F. පුණ්‍ය පදනම කියන ආයතන ගත්තොත් රට පුරා අපේ ආයතන 14 ක් පමණ පිහිටුවා තිබෙනව. මේ හැම එකකින්ම ලොකු සමාජ මෙහෙවරක් සිද්ධ වෙමින් පවතිනව. විශේෂයෙන් අපේ රටේ කාන්තාවෝ ගත්තොත් ඒ අය අතර නොයකුත් ප‍්‍රශ්නවලට මුහුණ දුන් විශාල පිරිසක් ඉන්නව. ගෘහස්ථ හිංසනය, ආර්ථික දුෂ්කරතා ඒ වගේම වෙනත් සමාජයීය ගැටලූ නිසා තමයි මේ අය මුහුණ දෙන ප‍්‍රධානම ගැටලූ ලෙස අපි හඳුනාගෙන තිබෙන්නෙ. ඒ හින්ද ගැටලූ තිබෙන්නෙ කාටද? ඒ සඳහා අපට ලබාදෙන්න පුළුවන් විසඳුම් මොනවද කියල හොයල බලල ඒ සඳහා අපට පුළුවන් ආකාරයෙන් උත්තර හොයල දෙන්න අපි නිතරම කටයුතු කරනව. අපේ කළමනාකාරීත්වයේ අභිලාෂයත් එක්ක තමයි මේ හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නෙ. ලාභ අපේක්‍ෂාවෙන් බැහැරව මේ කටයුතු සිද්ධ කිරීම තවත් විශේෂත්වයක්.’

මෙතැනදී කාන්තාවන් සඳහා විවිධ පුහුණු පාඨමාලාවන් ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ඒ වගේම පූර්ණ ළමා විය සංවර්ධන කටයුතු, ළඳරු පාසල් අධ්‍යාපනය, කාබනික ගෙවතු වගාව, අත්කම් නිෂ්පාදනය හා පුහුණුව ඇතුළුව තවත් වැඩසටහන් රාශියක් මේ ස්ථානයේ පවත්වාගෙන යනවා. මේ කටයුතුවලට අමතරව භෞතචිකිත්සක කටයුතු සහ කාන්තාවන් සඳහා යෝග ව්‍යායාම ආදිය පිණිසත් ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් පිරිසක් යටතේ වැඩසටහන් කීපයක් මේ ආයතනය ඇතුළෙ පවත්වාගෙන යනව…මේ හැම දේකම පවතින විශේෂත්වය තමයි මුදල් අය කිරීමකින් තොරව ඒ සෑම කටයුත්තක්ම සිද්ධ කිරීම ඵගන්‍ගත්‍ පූජ්‍ය පදනම පිහිටි භූමිය තුළ අප කළ සංචාරයේදී කළමනාකාරවරිය විසින් සඳහන් කර සිටි කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකි විය. වෙන් වෙන්ව ඉදිකරන ලද ශාලා කීපයක ඒ වන විටත් දෛනික වැඩසටහන් ආරම්භ කර තිබෙන ආකාරය දැකගත හැක. වෙනසකට පවතින්නේ පසුගිය කාලය පුරා පනවා තිබුණු සංචාරණ සීමා හේතුවෙන් ඒ සඳහා සහභාගි වන්නන්ගේ තරමක අඩුවක් පැවතීමය. ශාලාවක එක් කොටසක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය පිණිස වෙන්කර ඇත. එම කටයුතු පිණිස පුහුණුව ලත් ගුරු මණ්ඩලයක් සේවයේ යොදවා ඇත. ඊට ආසන්න වෙනත් ස්ථානයක විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දෑතීන් නිර්මාණය වන අත් බෑග් නිෂ්පාදන ඒකකයක්ය. එම නිෂ්පාදන පිණිස අවශ්‍ය උපදෙස් සහ මග පෙන්වීම සඳහා වෙනම කාර්ය මණ්ඩලයක් පත්කර ඇත. අප එහි යන විටත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කීපදෙනෙක් ඉතාමත් නිර්මාණාත්මක අයුරින් ඔවුන්ගේ නිෂ්පාදන සිදුකරමින් සිටින අයුරු දැකගත හැකි විය.

නිහඬ සමාජ සත්කාර රැසක් ඉටුකරන කටුබැද්දේ පිහිටි 'පින්සාර භූමිය'

එම ශාලාවෙන් මදක් එපිටින් පිහිටි වෙනත් ශාලාවක් මුළු මනින්ම වෙන්කර පවතින්නේ භෞත චිකිත්සක ඒකකය, ළදරු පාසල සහ අත්කම් නිෂ්පාදනය පිණිසය. අංගසම්පූර්ණ භෞත විකිත්සක ඒකකය තුළින් ඕනෑම කෙනෙකුට භෞත චිකිත්සක ප‍්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් සපයා ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් ඒ සම්බන්ධයෙන් ලබාදෙන නිර්දේශයක් පමණක්ය.

ඵගන්‍ගත්‍ පුණ්‍ය පදනම තුළ කි‍්‍රයාත්මක තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් බවට පත්ව ඇත්තේ සූපවේදය (Cookery) පිළිබඳ පාඨමාලාවය. මුදල් අය කිරීමකින් තොරව පවත්වනු ලබන මෙම පාඨමාලාව සඳහා ප‍්‍රදේශයේ අඩු ආදායම් ලාභී කාන්තාවන් ඇතුළු 100 දෙනකු පමණ සහභාගි වන අතර පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ මාර්ගගත (Online) ක‍්‍රමය ඔස්සේ එම පාඨමාලාව තවදුරටත් පවත්වමින් ඇත.

ඊට අමතරව ඵගන්‍ගත්‍ පුණ්‍ය පදනම මගින් පවත්වාගෙන යනු ලබන ‘ස්වශක්ති’ ආපන ශාලාවක්ද එම ස්ථානයේ පිහිටුවා ඇත. ගාලූ පාරට මුහුණලා පිහිටි ස්වශක්ති ආපන ශාලාව තුළින් බේකරි නිෂ්පාදන සහ අනෙකුත් ආහාර මිලදී ගැනීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව ඇත. පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් විසින් පිසින ලද ප‍්‍රනීත ආහාර වර්ග රැසක් එහි ගිය අපට දැකගත හැකි විය. ඒ සම්බන්ධයෙන් ඵගන්‍ගත්‍ පුණ්‍ය ආයතනයේ කළමනාකරවරියගෙන් අපි කළ විමසීමකදී එම කි‍්‍රයාවලිය සිදුවන ආකාරය සම්බන්ධයෙන්ද කෙටි හැඳින්වීමක් සිදුකරන ලදී. අපේ මුළුතැන් ගෙය ගත්තොත් ඒක නවීන අංග උපාංගයන්ගෙන් යුක්තයි. ඩිල්මා සමාගම සමග ව්‍යාපාරික කටයුතු සිද්ධ කරන විදේශීය ජාතිකයෙකු විසින් පරිත්‍යාග කරන ලද මුළුතැන් ගෙයි උපකරණ විශාල ප‍්‍රමාණයක් ඒ ස්ථානයේ තිබෙනවා. සූපවේදය පිළිබඳ පාඨමාලාව හදාරන ඕනෑම කාන්තාවකට ඒ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව එම පාඨමාලාව අවසානයේ මෙතනම සේවය කරන්නන් ඒ අයට පුළුවන්. ඒ සඳහා ඵගන්‍ගත්‍ පුණ්‍ය පදනම මගින් ඔවුන්ට ගෙවීමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් පාඨමාලාව අවසානයේ ඒ සඳහා සහභාගි වන කාන්තාවන්ට පුළුවන්කම ලැබෙනවා ඒ අය විසින් සකස්කරන ආහාර පාන ‘ස්වශක්ති’ අවන්හල හරහා පාරිභෝගිකයන්ට අලෙවි කරන්න. ඒ වගේම ධබකසබැ හරහා ලබාගන්නා ඇනවුම් පිණිස ආහාර පාන සකස්කිරීමත් ඒ අය විසින් මේ වන විට සිද්ධ කරගෙන යනවා. මේ හැම දෙයක් හරහාම අපි බලාපොරොත්තු වෙන්නේ ස්ව උත්සාහයෙන් නැඟී සිටින්න පුළුවන් සමාජයක් බිහිකිරීම පමණය. මෙතනින් යම් පුහුණුවක් ලබන අය ඒ දැනුමත් එක්ක සාමාන්‍ය සමාජයට අඩිය තියලා හොඳ ජීවිතයක් ගතකරනව දිකන එක තමයි ඩිල්මා කළමනාකාරීත්වයේ ප‍්‍රධානතම අපේක්‍ෂාව බවට පත්වෙලා තිබෙන්නෙ.

ඉහත විස්තර කරන ලද්දේ ඵගන්‍ගත්‍ පුණ්‍ය පදනම විසින් ඉටුකරනු ලබන සමාජ සත්කාර්යයන් අතරින් කීපයක් පමණි. ඊට අමතරව මොරටුව හා කටුබැද්ද ප‍්‍රදේශයට ආවේනික වඩු කර්මාන්තය ප‍්‍රගුණ කිරීම පිණිස වෙනම මධ්‍යස්ථානයක්, කාබනික වගා කටයුතු ආදියද එම ස්ථානයේ පවත්වාගෙන යන අතර ඒ සෑම කටයුත්තක්ම පරිසරයට අපද්‍රව්‍ය බැහැර නොවන ආකාරයෙන් පවත්වාගෙන යෑම විශේෂත්වයක්ය. කාබනික වගාවෙන් ලැබෙන අස්වැන්න ඒ සඳහා ශ‍්‍රමය වගුරන පිරිස වෙනුවෙන් වෙන්කරන බවද එහි ගිය අපට දැන ගැනීමට ලැබුණ තවත් විශේෂ තොරතුරක්ය. එහි නිපදවෙන විවිධ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක්ද කි‍්‍රයාත්මකය. එම ස්ථානයේත් ඉන් පිටත තවත් ස්ථාන කීපයකත් කි‍්‍රයාත්මක එම වෙළෙඳ පොළ හරහා සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට අවස්ථාව හිමිය.

ඉකුත් වසරේ මාර්තු මස ඵගන්‍ගත්‍ පුණ්‍ය ආයතන භූමියේ පවත්වන ලද එම වෙළෙඳ පොළ හරහා විශාල පිරිසක් තම නිෂ්පාදන අලෙවිකොට තිබූ අතර මෙවරද මෙම මස 30 වන දින පස්වරුවේ සිට රාති‍්‍රය දක්වා එවැනිම වෙළෙඳ පොළක් එම ස්ථානයේ පැවැත්වීමට කටයුතු කර තිබුණි. එහිදී ආහාර පාන, අත්කම් භාණ්ඩ, නත්තල් සැරසිලි ඇතුළු තවත් බොහෝ දේ අලෙවිය පිණිස ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය. ඊට අමතරව කුඩා දරුවන්ගේ විනෝදාස්වාදය පිණිස විශේෂාංග කීපයක්ද ඇතුළත්ව පැවැතුණි. එපමණක් නොව ‘වෙළෙන්දෝ’ නමින් අන්තර්ජාලය ඔස්සේ කි‍්‍රයාත්මක අලෙවි ජාලයක්ද කි‍්‍රයාත්මකව පවතින අතර ඒ ඔස්සේද විශාල පිරිසක් මේ වනවිට සිය නිෂ්පාදන අලෙවි කරමින් ඇත.

මේසා විසල් සේවාවන් රැසක් සිදුකරන ඵගන්‍ගත්‍ පුණ්‍ය පදනම මැදිහත්වීම මත ජීවිතයේ වැරදුන තැන් නිවැරදි කිරීමේ ජාතික මෙහෙවරක නිරත මෙම පුණ්‍ය පදනමේ අපේක්‍ෂාව බවට පත්ව ඇත්තේ ඉදිරියට තව තවත් තම සේවාවන් පුළුල් කරමින් වැඩිදෙනෙකු වෙත සෙත සැලසීමය.ඒ සඳහා ඩිල්මා කළමනාකාරීත්වය විසින් නොමද සහයක් ලබාදෙමින් ඇත. ව්‍යාපාරික වශයෙන් ඉහළ වටිනාකමක් හිමිකරගත් වටිනා භූමි ප‍්‍රදේශයක් ජනතා සුභසෙත පිණිස වෙන්කරන ඩිල්මා කළමානාකාරීත්වය සිය ව්‍යාපාරික අරමුණු වලින් බැහැරව සිදුකරන මෙම සමාජ සත්කාරයන්හි දකින්නට ලැබෙන විශේෂත්වය බවට පත්වන්නේ එම කටයුතු ජනපි‍්‍රය කරවීම පිණිස කිසිදු ප‍්‍රචාරක මාධ්‍යයක් භාවිතා නොකිරීමය. එය නිහඬ සමාජ සේවයක් ලෙස ඉදිරියටද ශී‍්‍ර ලාංකික ජනතාව වෙනුවෙන් තවත් බොහෝ කාලයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව එහි ගිය අපට මැනවින් වැටහී ගිය කරුණක් විය.

රුවන් ජයවර්ධන
ප‍්‍රභාත් විතාන
ඡායාරූප කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment