නිහැඩියාව බිඳිමින් ජයන්තගෙන් ටෙලියක්

439

ජයන්ත චන්ද්‍රසිරි සහ දඩුබස්නාමානය යන නාම රූප දෙක දේශීය ටෙලි නාට්‍ය කලාවෙන් කොයි කලෙකවත් ඉවත් කළ හැකි දෙයක් නොවේ’ තවමත් පරපුරෙන් පරපුර නොකඩවා වැළඳ ගන්නා බව පෙනෙන ”දඬුබස්නාමානය” ජයන්ත චන්ද්‍රසිරි විසින් 90 දශකයේ මැද භාගයේ දී මේ රටේ රූපවාහිනී පේ‍්‍රක්ෂකයන්ට ඉදිරිපත් කරනු ලබන්නේ මහත් අභියෝග රාශියක් මැද ය’ එහෙත් 1995 වසරේ හොඳම ටෙලි නාට්‍යය” හොඳම අධ්‍යක්ෂණය වශයෙන් මෙන්ම එම වසරේ ජනප‍්‍රියම ටෙලිනාට්‍ය වශයෙන්ද ප‍්‍රධාන ටෙලි සම්මාන උළෙල දෙකෙහිදීම සියලූ ප‍්‍රධාන සම්මානයනට පාත‍්‍ර වන මෙම සුවිශේෂ නිර්මාණය අද ශ‍්‍රී ලාංකික ටෙලි නාට්‍ය වංශ කතාවේ පුරාවෘත්තයක් බවට පත්වී හමාරය’

 අප මේ තවදුරටත් සඳහන් කරන්නට යන්නේ දඬුබස්නාමානය ගැන නොවේ’ එදාටත් වඩා අද අර්බුද රැුසක් චෝදනා” ප‍්‍රතිචෝදනා රැුසක් සමග නන්නත්තාර වී සිටින දේශීය ටෙලි නාට්‍ය කලාවට ජයන්ත චන්ද්‍රසිරිගේ යළි ආගමනය පිළිබඳ ව සටහනක් තබන්නට ය’

 ශ‍්‍රී ලාංකේය රූපවාහිනී පේ‍්‍රක්ෂක ජනතාවට ඉතා යහපත් ටෙලි නාට්‍ය කෘතියක් තිළිණ කිරීමේ අරමුණ පෙරදැරිව NSBM ( national school of business management ) හරිත සරසවියේ සුබසාධක සංගමයේ ඇරයුම පරිදි ජයන්ත චන්ද්‍රසිරි අතින් නිමවන මේ නවමු නිර්මාණය නම් කර තිබෙන්නේ ”‍නන්නත්තාර”‍ නමිනි’

 අලූ‍ත්ම ආරක කතා පුවතක් රැුගත් කොටස් 50 කින් අවසන් වන මෙම නිර්මාණය ජයන්ත විසින් හඳුන්වනු ලබන්නේ ‘‘එය සම්ප‍්‍රදායික කතාංග මාලාවකට වඩා බෙහෙවින් වෙනස් Tele Series එකක් වශයෙනි’’’

 ජනප‍්‍රිය නළු නිළියන් රැුසක් සමග නව පරපුරේ නළු නිළියන් රාශියක් ද චරිත නිරූපණයේ යෙදෙන ”‍නන්නත්තාර”‍ සුපුරුදු ලෙස ඔහුගේම තිර රචනයකි’

 ශ‍්‍රියන්ත මෙන්ඩිස්” බුද්ධදාස විතානාරච්චි” කුසුම් රේණු” සනත් ගුණතිලක” බුද්ධික ජයරත්න” මේඝ සූරියආරච්චි” මෞලි ෆර්ඩිනැන්ඩු” (හඳුන්වා දෙන) වින්ඞ් මඩපාත” වසන්ත විට්ටච්චි” දිමුතු චින්තක” සෙනේෂ් දිසානායක” නිර්මලා නිශාන්ති” හේමන්ත රන්දුණු” සේනක නුවන්” උදිත ගුණරත්න” සේනක විජේසිංහ” දෙව්නක පෝරගේ” උදේනි අල්විස්” චින්තක වාස්” මහේෂ් වික‍්‍රමසිංහ” උදාර රාජපක්ෂ” ලක්ෂ්මී දමයන්ති” ශිරාණි කොස්තා” තනුජා විජේවික‍්‍රම” සඳුන් බණ්ඩාර” නිකිණි සඳමිණි ර්‍ණ ජයනාත් බෝදාහන්දි” ලක්ෂ්මන් රාජපක්ෂ” අතුල ජයසූරිය” ජයරත්න ගලගෙදර ඇතුළු රැුසක් චරිත නිරූපණයේ යෙදෙති’

 සංගීතය නවරත්න

 ගමගේගෙන් වන අතර කැමරා අධ්‍යක්ෂණය නිශාන්ත ප‍්‍රදීප් ය’ කලා අධ්‍යක්ෂණය නිපුන පෙරේරා” විමල් දේශප‍්‍රිය සහය අධ්‍යක්ෂණයේ යෙදෙන අතර වේශ නිරූපණය ඉන්දික උදාරගෙනි’ නන්දලාල් ජයසිරි නිෂ්පාදන කළමනාකරණයෙන්ද නිමල් ෆ‍්‍රැන්සිස් නිෂ්පාදන කෘත්‍යාධිකාරත්වයෙන්ද දායක වෙති’ නිෂ්පාදන සම්බන්ධීකරණය තිළිණි ද සිල්වා සහ අකිල වීරසිංහ වෙතිනි’

 ”‍නන්නත්තාර”‍ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල ලබන ඔක්තෝම්බර් 27 හෝමාග NSBM හරිත සරසවි ශ‍්‍රවණාගාරයේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ’

 තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment