නිළධාරිනිය ඝාතනය කළ ඩැනීබේබි අල්ලයි

672


තංගල්ල පොලිස් වසමේ වැලිආරග නෙතොල්පිටිය ප්‍රදේශයේ දී අද (27) උදෑසන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ආර්.එම්. දීපිකා නැමති එම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් වශයෙන් සේවය කළ විවාහක කාන්තාවක් බව
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කැ සිටී.

ඇය ක්ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටිය දී පෙර දින සිදුවු රාජකාරි ගැටලුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 41 හැවිරිදි ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ඩැනී බේබි නමින් හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment