නිළියක් වෙන්න සිටි සරසවි සිසුවිය සියදිවි නසාගෙන

721

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් ඇය නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයේ බාල්කයක එල්ලී පෙරේදා  (23 දා) සියදිවි හානි කරගෙන තිබේ.

22 හැවිරිදි එස්. සින්ධුජා නමැති මෙම විශ්ව විද්‍යාල සිසුවිය යාපනයේ කල්ලඩි පලෙයි ප්‍රදේශයේ නේවාසිකාගාරයක තවත් සිසුවියන් පිරිසක් සමග ජීවත් වී ඇති අතර ඇය සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇය සමග සිටි සිසුවියන් ප්‍රකාශ කොට ඇත්තේ ඇය ඉතා රූමත් බවත්, අධ්‍යාපන කටයුතුවලින් පසුව ඇගේ එකම බලාපොරොත්තුව නිළියක් වීම බවත් ඇය නිතර නිතර ඔවුන්ට ප්‍රකාශ කළ බවයි.

යාපනය පොලිසියේ නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සඳහා සිසුවියගේ මළසිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත භාරදී ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment