නි. කථානායක තේරීමට ඡන්දයක් – පොහොට්ටුවෙන් අජිත් සජබයෙන් රෝහිණී

191

පාර්ලිමේන්තුව හෙට (17දා) රැස්වූ විට නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීම සඳහා නැවත වරක් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව ඇත.

 එම ධුරයෙහි කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉකුත් 05 වැනිදා ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී නැවත වරක් ඒ මහතාම පත්විය. ඡන්ද 148 ක් ලබා පත්වූ ඒ මහතා ඊට පසුදින ඉල්ලා අස්විය.

 මෙලෙස නැවත වරක් නියෝජ්‍ය කථානායක ධුරය හිස්වීම නිසා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇත. පෙරේදා (14දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

 මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂය විසින්ද නියෝජ්‍ය කථානායක ධුරයට රෝහිණී කවිරත්න මහත්මියගේ නම යෝජනා කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment